
(අංජුල මහික වීරරත්න)
පොදු උපයෝගීතා සේවාවන් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම ආරම්භ කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2464/31 හා 2025.11.28 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව පත් කරන ලද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මා වෙත පැවරී ඇති අධිකාරිය ප්‍රකාරව පොදු උපයෝගිතා සේවාවන් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීම ආරම්භ කර ඇත.
මේ යටතේ සියළු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගෙන් ඒ ඒ පළාතේ යටිතල පහසුකම් වලට සිදුවී ඇති හානි ඇස්තමේන්තු කර කඩිනමින් මා වෙත දැනුම් දීමටත්, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ක්‍රියාමාර්ග ගැනීමටත් උපදෙස් දෙන ලදී. විශේෂයෙන්, මේ යටතේ පළාත් සභාවක් යටතේ වන පළාත් පාලන ආයතනයක උපකරණ සහ මානව සම්පත් ආපදාවට පත් වෙනත් පළාත් සභාවක යටතේ වන පළාත් පාලන ආයතන වලට සැපයීමට අවශ්‍ය බලය මා විසින් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත පවරන ලදී.
මීට අමතරව, ආපදා සහන සේවා කඩිනමින් අදාල ජන කොටස් වෙත සපයා දීම සම්බන්ධයෙන් පවතින ගැටළු දිස්ත්‍රික් ලේකම්වරු සමගද සාකච්ඡා කර ඇති අතර ඒවාටද කඩිනම් විසඳුම් ක්‍රියාමාර්ග යෙදීමට සැලසුම් සකස් කිරීමට උපදෙස් දෙන ලදි.
තවද මෙට්‍රික් ටොන් 3955 ක ප්‍රමාණයක LP ගෑස් නෞකාවක්, කොළඹ වරාය තුල ගොඩ බෑමට නොහැකි වීම හේතුවෙන් හම්බන්තොට වරායෙන් ගොඩ බෑමට අනුමත කිරීම සිදු වූ අතර හලාවත ලංකා සතොස ගබඩාව විවෘත කොට එහි ඇති ආහාර ද්‍රව්‍ය, ආපදාවට ලක් වූ පිරිසට ලබාදීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය ලබාදෙන ලදී.
එමෙන්ම, මෙම බරපතල ආපදා අවස්ථාවේදී, ආපදාවට ලක්ව ඇති පිරිසට ආහාර පාන සහ අනෙකුත් සියළු අන්‍ය වශ්‍ය සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරීන් උපරිම කැපවීමෙන් කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ජන ජීවිතය නැවත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය සියළු කටයුතු සම්පාදනය කර ඇති බවත් දැන්වමි. මෙම අසීරු අවස්ථාවේදී අවබෝධයෙන් කටයුතු කරන සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව වෙත මාගේ ගෞරවණීය ස්තූතිය පිරිනමමි.
2025 නොවැම්බර් මස 21
235
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
285
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොළඹට ආ ගෑස් නැවක් හම්බන්තොටින් ගොඩ බාන්න අවසර