(නාමිණි විජේදාස සන්ඩෙ ටයිම්ස්)
මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබි ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් කොන්ත්‍රාත් 22 ක් සඳහා වන්දි දෙන ලෙස ඉල්ලමින් අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරියේදී නඩු ගොනු කිරීමට ඉඩ තිබෙන බවත් ව්‍යාපෘති 37 ක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී කිසිඳු ප්‍රගතියක් ලබා නොමැති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වර්තාවක දැක්වේ.
එම ව්‍යාපෘති 37 අතර විදේශ රටවල් මූල්‍ය සහාය ලබාදීම නතර කළ ව්‍යාපෘති 17 ක් තිබෙන බව ද ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් තවත් ව්‍යාපෘති 41 ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදවීම් වාර්තා වන බවත් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් සියයට 20 කට මෙම ගැටලුව බලපා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම ගැටලුව නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අලුත් කරන විට ඔවුන්ගේ කාර්ය සාධනය සළකා බැලීම වැදගත් බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
ඉන්දුනීසියාවේ බටහිර පළාත්වලට මහ වැසි ඇද හැලෙයි. පසුගිය සති අන්තයේ ඉන්දුනීසියාවේ මරාපි ගිනි කන්ද සක්‍රිය වී පුපුරා ගියේ ලාවා තට්ටු ද පිට කරමිණි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන වෙනිසියුලාවට අයත්ව තිබූ අවසන් ග්ලැසියරයත් දිනෙන් දින හැකිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ගෝලීය උණුසුම නිසා නිර්මාණ
අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ සිවුවැනි අදියර අද (13) ආරම්භ වෙයි. සිවුවැනි අදියරේ දී, ඉන්දීය ලොක් සභාවට නියෝජිතයන් 96 දෙනකු තෝරා ගැනීම සිදුවෙය
කොටුගොඩ රද්දොළුගම නිවාස සංකීරණයේ තෙමහල් ගොඩනැගිල්ලක විශාල ප්‍රමාණයේ බඹර කූඩයක් ඇවිස්සීමෙන් බඹර ප්‍රහාරයකට ලක් වූ දෙදරු පියකු මිය ගොස් කුඩා ළමුන් ද
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 13 කට නාය යාමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්‍රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
Nimal Monday, 29 April 2024 04:32 PM
වැඩ ප්‍රමාද වීම ගැන මේ අය කොන්ත්‍රාත්කරුවන්ට බනිනවද? එක් රාජ්‍ය සංවිධානයක්, 2022 නොවැම්බර් මාසයේදී කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දුන්නේ 2022 ඔක්තෝබර් දක්වා කරන ලද වැඩ සඳහා පමණක් ගෙවීම් කළ හැකි බවයි. පැහැදිලිවම, බොහෝ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන ලද වැඩ සඳහා ගෙවීම අවිනිශ්චිත බැවින් කාර්යයේ ප්‍රගතිය මන්දගාමී විය. ඉන්පසුව 2023 මාර්තු මාසයේදී එම සංවිධානය විසින්ම මෙම කොන්ත්‍රාත්තුවලින් සමහරක් ප්‍රගතිය දුර්වල බව පවසමින් අවසන් කරන ලදී. ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නඩු මගට බැස ඇත. මෙය අයිස් කුට්ටියේ කෙළවර පමණි. මෙම සංවිධානයම නීතිය තම අතට ගන්නේ, පැහැදිලිවම, මූල්‍ය හිඟය හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින අතර කොන්ත්‍රාත්තුවේ කොන්දේසිවලටද පටහැනිව, කොන්ත්‍රාත්කරුවන්ගෙන් ගෙවිය යුතු සියලුම මුදල් එකවර කපා හරින බැවිනි. කොන්ත්‍රාත්කරුවන් නීතිමය පිළියම් සෙවීම පුදුමයක් නොවේ.