IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සද්භාවයෙන් කරන කටයුත්තක් බව තමාට පෙනෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යැයි පැවසූ ෆොන්සේකා මහතා කවුරුන් හෝ හමුදාව විවේචනය කරනවාට තමා විරුද්ධ යැයිද ප්‍රකාශ කළේය.

මහවැලියෙන් පසු මේ රටට ඇඟට දැනෙන දෙයක් කලා නම් එය කළේ යුද්ධය අවසන් කළ හමුදාව යැයිද ඔහු කීවේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිවලට ඉහළ පිළිගැනීමක් හිමිවිය යුතු බවත් එම විශ්වවිද්‍යාලය කඩයක් බවට පත් කිරීම ප්‍රශ්නවලට උත්තරයක් නොවන බව හෙතෙම සඳහන් කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු විය යුතු බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන්ට අපහාස කිරීම තමා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළේය .

 



අදහස් (25)

කොතලාවල විශ්වවිද්‍යාලයට මම විරුද්ධ නෑ

කිරි පුතා Friday, 06 August 2021 05:26 PM

නියම තත්ත්වයන් යටතේ කොතලාවල විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාල රට පුරා ඇරෙන්න ඕනෑ.

:       914       908

GAMUNUFriday, 06 August 2021 07:03 PM

ලංකාවේ පුද්ගලික පසල් අධ්‍යාපන ආයතන ආරම්භයේ මෙවැනිම උද්ඝෝෂණ කලද මේ වනවිට ( British AND American education syllabus ) සාර්ථකව කරගෙන යනු පෙනේ. දරුවන් සාර්ථක අධ්‍යාපනයක් එමගින් ලබාගනී. බොහෝ දෙමාපියන්ගේ දරුවන් මෙන්ම පුද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමටවිරුධව උද්ඝෝෂණ කල අයවලුන්ගේ දරුවන් පවා මේ වනවිට පුද්ගලික අධ්‍යාපන ආයතන මගින් ඔවුන්ගේ දරුවන්හ ට අධ්‍යාපන ලබාදේ. ලංකාවේ පුද්ගලික අධ්‍යාපන ආයතන ආරම්භ කළා සේම පුද්ගලික විශ්ව විද්‍යාල ද ආරම්භ කල යුතුවේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාව වැනි රටක් සමග අනුබද්දව හෝ ලංකවේ පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කල යුතුවේ. ලංකාවේ උගතුන් බිහිකිරිමට නම්, බිහිවන උගතුන් රට තුල රඳවා ගැනීමට නම් රජයේ විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලබා දීමට ඉඩ ප්‍රස්ථා නොමැති නම් පුද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ආරම්භ වීම වැදගත්වේ. කුහක අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී රටේ මිනිසුන් තව දුරටත් රැවටීම නවතා රටේ ජනතාවට සත්‍ය පෙන්වා දිය යුතුවේ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තවත් දියුණු විය යුතු බව පවසන සරත් ෆොන්සේකා වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ ආරම්භ කිරීම පිලිබදව ඔහුගේ මතය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි.

:       2       5

කල්පනා Saturday, 07 August 2021 07:27 AM

ජපානයේ විශ්වවිද්‍යාල හයසිය ගණනක් තියෙනවා ඒ රට දියුණු නැද්ද මෙරටේද එහෙම වියයුතුය

:       2       8

මැක්ස් Friday, 06 August 2021 05:27 PM

කොයි දේටත් පුරුද්දට මෙන් විරුද්ධ වන විපක්ෂයේ ඉන්න බොහෝදෙනාට මෙතුමා ආදර්ශයක්....

:       177       538

GAMUNUFriday, 06 August 2021 07:10 PM

ලංකාවේ විශ්වවිද්‍යාලයකට යාමට වරම් නොලැබූ විදේශ රටවල මුදල් ගෙවා අධ්‍යාපනය ලද කීදෙනෙකු අද පාර්ලිමේන්තුවේ සිටීද ? සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විදේශ අධ්‍යාපනය ලබාගැනීමට මුදල් ගෙවන ලද්දේ ලංකාවේ ජනතාවගේ මහජන මුදලින් නොවේද ? එසේ විදේශ අධ්‍යාපනය ලද පිරිස් ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරුද්ද මන්ද ?

:       0       0

පප්ප Friday, 06 August 2021 05:39 PM

මෙන්න කෙලින් කථාකරන මිනිහා...

:       61       513

pjSaturday, 07 August 2021 10:07 AM

"යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යැයි පැවසූ ෆොන්සේකා මහතා" එහෙනම් මෙයාට ජම්පරයක් අන්දවලා කූඩු කළේ රනිල් වත්ද?

:       1       14

මුණසිංහ Friday, 06 August 2021 06:04 PM

මෙහි සඳහන් සියලු කාරණා ඇත්තටම හරි... ඒ සම්බන්ධයෙන් මෙතුමාට අපගේ ස්තුතිය...

:       0       0

සෙනවි Friday, 06 August 2021 06:51 PM

තරහ මරහා අමතක කරලා ආණ්ඩුවට එක්වන්න. ඔබතුමාට පුලුවන් දවසින් දෙකෙන් රටේ සහ පොලිසියේ විනයක් ඇති කරන්න. දැන් ඉන්න ඇමැතිට ඒ රාජකාරිය කරන්න හැකියාවක් නැහැ.

:       108       205

gunarathnaFriday, 06 August 2021 09:33 PM

දේශපාලන වාසි නොතකා කෙළින් කතා කරන එකම පුද්ගලයා සරත් ෆොන්සේකා... රටට විරුද්ධව හෝ හමුදාවට විරුද්ධව හෝ රටේ ආරක්ෂාවට විරුද්ධ කුමන කතා කෙරුවත් තමුන්ගේ පක්ෂේ මිනිස්සුන්ටත් බනිනවා.

:       4       67

raajakarunaSaturday, 07 August 2021 11:14 AM

ඇයි දැන් කොන්ද පන ඇති නායකයෙක් ඇමරිකාවෙන් ගෙනල්ලා තුනෙන් දෙකක බලයකුත් දීලා විස්සත් සම්මත කරගත්තේ ?එයාගේ කොන්ද පන මදිද

:       0       16

nayana Friday, 06 August 2021 08:27 PM

අන්න එහෙම කෙලින් කතා කරන්න. එතකොට ඔබතුමාට ගරුත්වයත්, ඡන්දත් දෙකම හැමදාම තියේවි...!

:       103       142

Wasantha Friday, 06 August 2021 08:42 PM

නියමයි සර්... අපි ඔබට ගරු කරනවා.

:       51       204

Thilina Friday, 06 August 2021 09:51 PM

අගය කළ යුතු කතාවක්... පුරුද්දට හැමදේම විවේචනය කරන මිනිස්සු රැළක් මැද තමන්ගේ මතය කෙලින් ප්‍රකාශ කරන එක තමයි විය යුත්තේ. මම හිතනවා විපක්ෂයට නායකත්වය දිය යුත්තේ මෙවැනි මිනිස්සු...

:       131       176

සෙනෙවිරත්න Friday, 06 August 2021 10:12 PM

රාජපක්ෂවරු හදන්නේ සියලුම සරසවි කොතලාවල වගේ කරන්න. ඒ්ක වැරැදියි..

:       329       140

samanSaturday, 07 August 2021 12:29 AM

මේක මෝඩ අදහසක්...

:       0       0

සැමන්Saturday, 07 August 2021 10:38 AM

අර නවක වදය කියන වසංගතය නැතිකරන්න පුළුවන් නම් මිලිටරි ක්‍රමයෙන් හරි විශ්වවිද්‍යාල ගෙනිච්චාට ප්‍රශ්නයක් නැහැ. ලෝකේ අනික් රටවල නැති මානසික සහ ශාරීරික හිංසා කරලා සෑම වසරකම ළමයින් කිහිපදෙනෙකු හරි විනාශ කරන ඔය නවක වදය නිසාත් අපේ රට පස්සට යනවා. ඔය නවක වදයෙන් අපේ රටට වෙච්ච යහපත මොකක්ද.

:       5       4

BamunuarachchiSaturday, 07 August 2021 11:27 AM

ඔහේගේ හීන ඔහේට ඕනේ විදිහට දකින්න. පස්සේ ඇදගෙන නාගන්න. ඒ හීන අපිට කියන්න එපා. අපිට කැතයි.

:       7       3

Chandima Saturday, 07 August 2021 04:05 AM

අනේ මන්දා ෆීල්ඩ් මාෂල්තුමෝ, ඔබතුමාත් අපේ ගෙදර උන්දැ වගේ වෙලාවකට හොඳට කතා කරනවා. ආයෙ ටික දවසක් ගියාට පස්සේ මේවා සේරම රුයිතෙට.. ඒත් ඉතින් හිත යටින් කැමැත්ත තියෙනවා.

:       1       1

ලුම්බිණි Saturday, 07 August 2021 06:27 AM

මෙතන ප්‍රශ්නය කොතලාවල විශ්වවිද්‍යාලයක් කිරීම නොවෙයි. මේ පනතේ තිබෙන අනික් අඩුපාඩු.

:       1       2

පප්ප Saturday, 07 August 2021 07:21 AM

වරදවා තේරුම් ගන්න එපා .එතුමා කිව්වෙ ආණ්ඩුව ගෙනා පනතේ අඩු පාඩු හදාගෙන සම්මත කල යුතු බවයි.

:       0       6

පප්ප Saturday, 07 August 2021 11:00 AM

එතුමා සදහන් කලේ යම් යම් වෙනස් කිරිම් කරලා මෙම පනත ඉදිරියට ගෙනයා යුතු බවයි.

:       0       3

jayasekara Saturday, 07 August 2021 11:23 AM

පක්ෂ භේධයකින් තොරව අගය කරන්න ඕනේ කියමනට.හැබැයි ගුරු වර්ජනය මේ වෙලාවේ හොඳ නැහැ කියල කිඋවනම් ගොඩාක් අගය කරනවා

:       0       9

ප්‍රශාන් Saturday, 07 August 2021 11:32 AM

ගරු කල යුතු මිනිසෙක්. එතුමාව හිරේ දාපු අයගේ වුනත් හොදක් කියන්න හැකියාවක් ඇති පුද්ගලයෙක්. මෙවැනි ගති රටේ තීරණ ගන්න නායකයන් තුල තිබෙනවා නම් පක්ෂ විපක්ෂ සැමගේ දක්ෂතා වලින් වැඩක් ගන්න පුලුවන්.

:       2       14

hesa Saturday, 07 August 2021 01:08 PM

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා..

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 64 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


වසා දැමූ කිරි කම්හල වහා අරින්න උසාවි නියෝග
2024 මැයි මස 06 829 0

සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති


පාස්පෝට් 180ක් මහරගම කාණුවක
2024 මැයි මස 06 647 0

මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත


’’වීසා ගාස්තුවල වෙනසක් නෑ’’
2024 මැයි මස 06 1125 2

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ


කෙහෙළිය යළි රිමාන්ඩ්
2024 මැයි මස 06 570 1

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි


චන්ද්‍රිකා වසර පහකට පසු මහ ගෙදරට
2024 මැයි මස 06 1491 1

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 515 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1975 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site