(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
රුපියල් මිලියන 220 ක කේරළ ගංජා තොගයක් සමඟ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් හා මැගසින් හතරක්,ජීව උණ්ඩ තොගයක් , ජාවාරමට යොදා ගත් කැබ් රථයක් හා මෝටර් රථයක් සමග සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව,නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙම වැටලිම සිදු කර තිබිණි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44 හා 51 සිමාවල පසුවන අනුරාධපුර උලුක්කුලම හා පොතානේගම හා නොච්චියාගම පදිංචි සැකකරුවන් තිදෙනෙකී.
කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබු කැබ් රථය අත් අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂාවකට ලක් කිරිමේදි සගවා තිබු විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල දෙකක් සමග මැගසින් හතරක් සමග ජීව උන්ඩ 40 ක් සොයා ගැනිමට සමත්වු බව කියයි.
ගිනි අවි හා කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කොළඹ ප්‍රදේශයට මෙලෙස ප්‍රවාහනය කරමින් තිබියදි අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කේරළ ගංජා - විදෙස් ගිනි අවි සමඟ තිදෙනකු මාට්ටු