IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

2021 හා 2024 කාලය තුළදී   හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ  පුද්ගලික කාර්ය මණ්ඩලයට සේවකයින් 15 දෙනකු නාමිකව පත්කර එම සේවකයින්ට   රජයෙන් ගෙවන ලද   වැටුප්  වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාව   ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලි මහත්මිය අද(11) නියෝග කළාය.


අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළාය.

සැකකාරියා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම සැකකාර සේවිකාව මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

සැකකාර කෙහෙළිය  රඹුක්කල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට   ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින් ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් රජයට නොගෙන , එම තනතුරු වලට රජයේ මුදලින් වැටුප් ගෙවා රුපියල් ලක්ෂ අසූවකට අධික මුදල්  සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන පැමිණිලි සම්බන්ධයෙන් මෙම සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



අදහස් (6)

කෙහෙළියගේ නිවසේ මෙහෙකාරිය රිමාන්ඩ්

කව්ද බෝයි Thursday, 12 June 2025 12:35 AM

"බල්ලොත් එක්ක ලැග්ගාම, මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා" කියලා අහලා තිබුණට, හරියටම තේරුම දැනගත්තේ මේ පුවතින් තමයි.

:       0       0

Nandalal DE SILVA - FRANCE Thursday, 12 June 2025 01:19 AM

මළ කෙළියයි... තවත් රාජපක්ෂ කෙනෙක් කූඩුවේ. මේ නම් පෝලිම කොහෙන් නවතීද දන්නේ නෑ... පව්...! 

:       0       0

සමන් - ඕමානය Thursday, 12 June 2025 09:00 AM

ප්‍රවෘතිය දැකලා මට පැරණි රසංගයක් මතක් වුනා........."පහත් තැනින් යයි ගලා ජලේ.......ඒ..ඒ.... පහත් තැනින් යයි ගලා ජලේ......"

:       0       6

අරවින්ද මොණරවිල Thursday, 12 June 2025 11:52 AM

මොවුන් ගෑවුන තැනක් හිටියත් ලෙඩක් තමයි, අඩු පඩියට වැඩ කරලා දැන් මුන්ගේ කුණු වලට කර ගන්නත් වෙලා !

:       0       11

රුවන් Thursday, 12 June 2025 02:28 PM

කෙහෙළිය මෙයාටත් හොදට සලකලා වගේ. හරි ෂෝක්! හෙට ප්‍රවෘත්තිය "කෙහෙළියගේ බල්ලා ද කෝටි 10ක් හොරකම් කරයි."

:       0       3

කමනි Thursday, 12 June 2025 06:26 PM

හරියට තේරුනේ නැහැ. සේවිකාවද බඳවා ගැනීම් කරලා පඩි ගෙවලා තියෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1311 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 490 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 587 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site