(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ප්‍රබල පාතාල සාමාජිකයකු ලෙස සැලකෙන කෙහෙල් බද්දර පද්මේ සහ ඔහුගේ ප්‍රධානම ගෝලයන් බව කියන කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව යන අය මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තාවේ.
මැලේසියාවේ ක්වාවාලාරම්පූර්හි සුපිරි හෝටලයක පැවැති සාදයකට සහභාගී වෙමින් සිටියදී තිදෙනා අත්අඩංගුවට පත්ව ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් සඳහන් කළේය.
කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්තිකූඩුවක් තුළදී ගණේමුල්ල සංජීව නමැති පාතාල කල්ලි නායකයා ඝාතනය කිරීම කෙහෙල් බද්දර පද්මේ නමැත්තාගේ කීමට සැලසුම් කර ඇතැයි කියන්නේ ද කමාන්ඩෝ සලින්ද නමැත්තා බව කියති.
සලින්ද නමැත්තා යුද හමුදා කමාන්ඩෝ බළකායේ රාජකාරී කරමින් සිටියදී එයින් පලා ගිය අයෙකි.
කොමාන්ඩෝ සලින්ද මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඩුබායිවලට පලා ගිය අයකු බව ද පොලිසිය කියයි.
ඩුබායි සිට ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර පසුව කෙහෙල් බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද සහ බත්තරමුල්ලේ සංජීව නමැත්තන් මැලේසියාවට පලා ගොස් ඇති බව බව ද පැවැසේ.
ඩුබායි රටේ තවදුරටත් සැඟව සිටීම අනාරක්ෂිත නිසා මෙසේ මැලේසියාවට පලා ගොස් ඇතැයි ද පැවැසේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෙහෙල්බද්දර පද්මේ ගෝලයෝ දෙන්නෙක් සමග මාට්ටු?