IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


කුණු ගොඩක සැඟවූ ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)


රුසියාවේ නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොරාගෙන පාදුක්ක වටරැක ප්‍රදේශයේ කුණු ගොඩක් යට සඟවා ගෙන සිටි අයෙකු සමගින් එම ගිනි අවිය අද (13) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි

පාදුක්ක පොලිස් වසමේ නිවසක් බිඳ එහි තිබූ බලපත්‍ර සහිත මෙම ගිනි අවිය සහ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් කිසිවෙකු විසින් සොරා ගෙන ඇති බවට ඉකුත් 2024 වර්ෂයේදී පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

මත්ද්‍රව්‍ය සමගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව  අදාල ගිනි අවිය සොයාගැනීමට හැකි වී ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයකු වේ.



අදහස් (0)

කුණු ගොඩක සැඟවූ ගිනි අවියක් සමඟ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1390 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 595 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site