IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ජපාන  නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී  ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA) සභාපති  ටනාකා අකිහිකෝ (Dr. TANAKA Akihiko)  මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

ජාතික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන ජයිකා (JICA)  හරහා සහනදායී යෙන් ණය නැවත  ලබා දීම   ආරම්භ කරමින්  ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී  සිය කෘතඥතාව පළ කළේය. 

ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික ප්‍රගතියේ ප්‍රධාන සාධක ලෙස පෞද්ගලික අංශය, කාර්මික සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර සංවර්ධනයේ වැදගත්කම  ජයිකා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) ව්‍යාපෘතිය කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කළමණාකරණය නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකාව සමඟ පවතින දිගු කාලීන සහයෝගීතාව තව දුරටත් පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වන බවත්  ඔහු ප්‍රකාශ කළේය.  

බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය කළමණාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ පර්යේෂණ සඳහා පහසුකම් සහ AI Neutral Center ඇතුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය  ප්‍රශස්ත මට්ටමකට නගා සිටුවීම සඳහා සහාය ලබා දෙන ලෙස  ශ්‍රී ලංකා නියෝජිතයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

ජපාන - ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාවයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය (Project for the Enhancement of Productivity in the Dairy Sector) සම්බන්ධව ප්‍රදාන ගිවිසුම (Grant Agreement) අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (0)

කිරි නිෂ්පාදනය වැඩි කරන්න ජපන්- ලංකා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32770 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15355 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9991 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 165 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 468 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1390 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site