
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි.
අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ‘මේඩ්න් පාර්මසියුටිකල්ස්’ Maiden Pharmaceuticals ඔෘෂධ නිෂ්පාදන සමාගම සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීමට නිපදන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත. දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ගය.
Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup යනු එම සිරප් වර්ග 4 ය යැයි විදෙස් මාධ්‍ය පවසයි.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වවීමට පියවර ගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ. සිරප් වර්ග භාවිතයට ගත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
දම්මිකයා ඔහොම පැනියක් හැදුවානම් 225 න් බොහෝ දෙනෙක් අද නැහැ
කරුණාකර ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම්වල තත්ත්ව විගණනය කරන්න.සමහරුන් Gmp සහ QMS ප්‍රමිතීන් සහ බයිපාස් ද අනුගමනය නොකරයි
ඕවා ගැන කතා කරලත් කමෙන්ට් කරලත් පලක් නැහැ .මෙහෙත් ඔය spc කියා කියා විකුණන බොහොමයක් වල තත්වය ගැන සහතිකයක් නැහැ. ඕන දහජරාවක් මේ රටට ගෙන්වන්න "ක්‍රම සහ විදි " තියනවා. බ්‍රෑන්ඩඩ් මෙඩිසින් ගන්න බැරි අහිංසක මිනිස්සු ( බොහෝ වේලාවට ප්‍රෙස් ක්‍රිප්ෂන් එකෙනුත් භාගයක් ) බොනවා කිසිම වැඩක් නැහැ. බොරුවට සේනක බිබිලේ ප්‍රතිපත්තියක් ගැන බෙරිහන් දෙනවා
ධම්මික පැනිය වත් ඉන්දියාවට යැව්වාද ?
මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ලංකාවෙත් සිදු වන තුරු බලා සිටින පිරිසකුත් නැතුව නෙවෙයි. ගණනින් 3% ක් විතර.
අප රට තුළ මෙම ඖෂධ බාවිතා කරනවද ගැන පරීක්ෂණ කළයුතුය.