IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ අය වහා අල්ලනු

(ඉන්දිකා රාමනායක)

භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.

භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතින අතර  භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පිරිසක් මුගුරුවලින් පහරදෙනු එම වීඩියෝවේ අන්තර්ගතව ඇත.

භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ නීතිය අතට ගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අද (7)නියෝග කළ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

 



අදහස් (12)

කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ අය වහා අල්ලනු

sukitha Saturday, 08 July 2023 01:42 PM

"ක්‍රියාව" සහ "චේතනාව"ආශ්‍රයෙන් මෙය විග්‍රහ කළ යුතුයි. පහරදුන් පිරිසගේ චේතනාව වූයේ, අයහපත දුරලීමය. එම දුරලන අයහපතෙහි දිග පළල ලිවීමට පිටු 1000ක් වුවද ප්‍රමාණවත් නොවේ. ඇමැතිගේ චේතනාව වූයේ ඇතැම් සමාජ කොටස්වල උදහසට ලක් නොවී සිටීමයි. දේශපාලනයේ ස්වභාවය එයයි. ඇමැති පැහැරහැරි වගකීමක් ඉටුකිරීමට මෙම පිරිස ක්‍රියා කර ඇත. අත්අඩංගුවට ගතයුත්තේ ඇමැති මිස පිරිස නොවේ.

:       41       24

ranbanda Saturday, 08 July 2023 03:18 PM

සුඛිත මහතා වරද කාගේ වුණත් වරදට දඬුවම් තිබිය යුතුයි. ඇත්තටම ඔය ඔබ රකින්න කතාකරන අය බෝධිසත්වයින් ලෙසම ජීවත් වන අයද කියලා ටිකක් වට පිටාවෙන් හොයලා බලන්න. ආගම රකින්න දඟලන බොහෝ අය ඇත්තටම අදාළ ධර්ම ප්‍රායෝගිකව පිළිපදිනවාද කියන එකත් ප්‍රශ්න කළයුතුයි. අනෙකා වරදක් කළා කියන්නේ තවකෙකුට වරදක් කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. ඇමැතිතුමාගේ නියෝගය හරියටම හරි... දැන් මේක රැල්ලට ගිහින් මිනිස්සු නීතිය අතට ගන්න ලෑස්තිවෙලා. අනෙකාගේ පෞද්ගලිකත්ව හා ආත්ම ගෞරවය ගැන කිසිම තැකීමක් නැහැ. ඕන මගුලක් වීඩියෝ කරලා යූ ටියුබ් එකට දානවා. ඇත්තටම මෙතන මේ කෑගහපු දාමරිකයෝ බෝධිසත්වයෝ වගේද එදිනෙදා ජීවිතයේ හැසිරෙන්නේ කියලා වටපිටාවේ ඉන්න අය දන්නවා ඇති... අනෙකාගේ වරදක් දැක්කාම බල්ලෝ බළල්ලු වගේ කෑගහන අය තමන් කවුද කියලාත් බැලුවොත් ඉන් බොහෝ දෙනෙකුටත් කටක් අරින්න බැහැ. නීති විරෝධී දෙයක් කළොත් ඊට අදාළ ආයතනවලට එය බාර කරනවා මිසක් තිරිසන්නු වගේ හැසිරීම අනුමත කරන්න බැහැ. වරද කාගේ වුණත් ඊට නිසි දඬුවම් දිය යුතුයි. එනිසා චීවර ධාරියාට වගේම දාමරිකව හැසිරුණු අයටත් දඬුවම් නොදුන්නොත් සමාජය වැරැදි තැනකට යොමුවේවි...!

:       4       35

sukithaSaturday, 08 July 2023 05:11 PM

රන්බණ්ඩා මහතා කියා සිටින්නේ වසර 2500 ක් බලා සිටීමටද?

:       7       6

pingpong Saturday, 08 July 2023 03:44 PM

තාත්තා කැකිල්ලේ රජ්ජුරුවෝද මචං?

:       0       16

Kazi Shajahan Saturday, 08 July 2023 04:38 PM

පාර්ශව දෙකටම දඬුවම් දිය යුතුයි. චීවරධාරියාට මහනායක ස්වාමීන් වහන්සේලා පියවරක් ගත යුතුයි.

:       0       27

janaBALA ASAMAGISunday, 09 July 2023 12:16 PM

එය කළ නොහැකි බව හිටපු ජනාධිපති අවධාරණය කරනු ඇත...

:       0       0

Sampath Saturday, 08 July 2023 05:03 PM

කවුරුත් හැසිරෙන පුද්ගලික දේවල් හොයන්න අයිතියක් නෑ. පහර දෙන්න, නිරුවත් කරන්න කවුද බලයක් දුන්නේ..? නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න.

:       4       21

sukitha Saturday, 08 July 2023 05:09 PM

පින් පොන් 2500ක් වටිනා පිළිතුරක් දී ඇත.

:       3       9

විජිත් Saturday, 08 July 2023 10:03 PM

ස්තුතියි ,ඔබ හොඳ නිමිත්තක් දුන්නේ.ඔය අම්බ්‍රෂ්ට ඇමතියාව අත්අඩංගුවට අරගෙන පන යනකම්ම කකුල් දෙකෙන් එල්ලලා තියන්න ඕනා වැඩක් ඔය අසික්කිත ඇමතියා කාලෙකට ඉස්සර කළා.ඒ තමයි.."මල්වානේ කපුටා" නොහොත් බැසිල් රාජපක්ෂ දුන්න රුපියල් මිලියන 600ක් අරගෙන ගිහින් ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදී නායකයාට දීම.ඒවා " හොර කපුටාගේ " සල්ලි නොවෙයි රාඩා කියන ආයතනයට බෝට්ටු ගන්න වෙන්කළ මහජන මුදල්.ඒවා අනොදන්නවා නොවේ.රගෙන ගියේ ශ්‍රීපති සුරියආරච්චි සමග.ගනු දෙනුව තමයි ඉදිරි ජනාධිපති චන්දයේදී උතුරේ චන්ද " බ්ලොක් " කිරීම.එවිට එජාපයට ලැබෙන චන්ද ප්‍රමාණය නොලැබී මහින්ද රාජපක්ෂ කියන අසික්කිත හොරා නැවත බලයට පත්වීම.වැඩේ සාර්ථකව කළා.ඊට පස්සේ මණ්ඩලේ අප්සට් එකක් ගිහින් සුරිය ආරච්චි මහින්ද සමහ අමනාපවුනා.සතියයි ගියේ ..රිය අනතුරකින් ශ්‍රීපති මලා.හේතුව අධික වේගය කියලයි ආණ්ඩුවේ ජනමාධ්‍ය කිවේ.නමුත් අන්තිමට හෙළිවුණා රයිෆල් එකකින් ඈත සිට වාහනයේ ටයර් එකකට වෙඩිතබා මේ අනතුර කළා කියලා.එත් අද වෙනකම් ඒ පිළිබඳව කවුරුත් අවධානය යොමුකළේ නැහැ.ඔය මරණය පිළිබඳවත් පොලිස් ඇමතියා නොදන්නවා නොවෙයි කියලයි මට හිතෙන්නේ.

:       0       0

Perera Sunday, 09 July 2023 01:51 AM

ආණ්ඩුවට කඩේ යන කහකඩයින් මොනවා කලත් උන්ව ආරක්ෂා කල යුතුයි .ඕකයි ආණ්ඩුවේ එවුන්ගේ ප්‍රතිපත්තිය

:       0       0

nalin Sunday, 09 July 2023 06:46 AM

දැන් බලන්න ඒ හාමුදුරුවෝ ගැන කිසිම දෙයක් කරන්නේ නෑ. ප්‍රවෘත්තිවල යන්නේ නිකන් මිනිස්සු ගිහිල්ල හාමුදුරුවෝයි, ගෑණු දෙන්නයි නිරුවත් කළා වගේ කතාවක් වෙලාවට අපි සවුන්ඩ්ස් එක්ක වීඩියෝ එක බැලුවේ නැත්තම් අපිත් හිතන්නේ මේ ප්‍රවුර්තිවල යන දේවල්නේ...!

:       0       0

Jayalath Sunday, 09 July 2023 07:05 AM

ඒ ගැහැණු දෙන්නා නිරුවත් වෙලානේද හිටියේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 490 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


පාසල් පෙම කුරිරු වී සිසුවා රෝහලේ
2024 මැයි මස 05 685 0

වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබු නව වැනි ශ්‍රේණියේ සිසුවෙකු වතුපිටිවල මුලික රෝහලට ඇතුලු කර ඇතැය


ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 1244 1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


වීසා
2024 මැයි මස 05 7 0

වීසා නිකුත් කිරීමට අදාලව ජී.බී.එස් ටෙක්නොලොජි සර්විස්, අයි.වී.එස් ග්ලෝබල් සහ වී.එෆ්.එස් වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගම් සමග රජය අත්සන් කළ ගිවිසුම ඉදි


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 616 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 199 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 493 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1709 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site