IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


කළු ගඟේ පාවී ඇවිත් ගොඩට ගත් මුවා මිය යයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

 කළු ගඟේ පාවී ආ  මුවෙකු   අද  (19) තෙබුවන  වයි හන්දියේ කඩ වීදිය ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් එක්ව ගොඩගත්තද ඒ වන විටත් මුවා මයගොස් සිට ඇතැයි තෙබුවන පොලිසිය කියයි.

නාර්තුපාන දෙස සිට කළුතර දෙසට  කළු ගඟේ ජල පහරට හසුව  මුවෙකු ගසාගෙන යන අයුරු තෙබුවන,පහලගම කඩවීදිය ප්‍රදේශය රැඳී සිටි තරුණයින් දැක  වහා ක්‍රියාත්මක මුවා  බේරා ගැනීමට ඔරුවක් ආධාරයෙන්  කළු ගඟේ මුවා සිටි ආසන්නයට යන අවස්ථාවේ  මුවා දියේ ගිලී මියගොස් ඇත. 

පසුව එම පුද්ගලයින් විසින් මියගිය මුවා ගොඩට රැගෙන පැමිණ ඒ බව තෙබුවන පොලිස් ස්ථානයට  දැන්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ  පරීක්ෂණ ආරම්භ කර ඇත.

අඟුරුවාතොට, තෙබුවන ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ අවට ප්‍රදේශ තුල මුවන් ජීවත් නොවන බවද කියයි.

මියගිය මුවා පිළිබඳව හික්කඩුව වනජීවි ඒකකය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි නියාමක චින්තක දිමුතු කුමාර මහතාගේ උපදෙස් පරිදි මුවා වල දැමීමට කටයුතු කර ඇත



අදහස් (0)

කළු ගඟේ පාවී ඇවිත් ගොඩට ගත් මුවා මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1897 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 600 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 690 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site