
(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා අද (20) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් විය.
සභාවේ බලය පවත්වාගෙන යන ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් මහතා අයවැය ඉදිරිපත් කරනු ලැබීය.
එය සම්මත කරගැනීමට පෙර සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා විසින් බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.
පසුව ලේකම් එරංග දේවපුර මහතා ඡන්ද විමසීම සිදුකල අතර , එහිදී අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡ්න්ද 16 ක්ද ප්‍රකාශ කෙරිණි.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වරුන් 15 අයවැයට පක්ෂව ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රී වරුන් විරුද්ධව ඡ්න්දය ප්‍රකාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී වරයා අයවැය ඡන්ද විමසීමට සහභාගි වූයේ නැත.
කළුතර ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ මන්ත්‍රී වරුන් ගණන 32 ක් වන අතර, මන්ත්‍රී වරුන් 15 ක් ජාතික ජන බලවේගයද, මන්ත්‍රී වරුන් 17 අනෙකුත් පක්ෂද නියෝජනය කරති.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2558
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කළුතර අයවැයත් පරාදයි