IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

 

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක්  පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය  මහතා පැවසීය.

මේ තත්වය නිසා විදේශීය දානපතීන්ගෙන්ද  ඖෂධ ලබාගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අධ්‍යක්ෂවරයා ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ  කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද සඳහන් කළේය.

ඖෂධ ගණනාවක්ම  විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බව  විජේසූරිය  මහතා  වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර දිවයින පුරා  රෝහල්වල ත්‍රිපෝෂවලද බරපතළ හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද විජලනයෙන් වැළකීම සඳහා ලබා දෙන ජීවනිවලද හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති.

සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට රටේ ඖෂධ හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විදේශ විනිමය හිඟයයි.



අදහස් (1)

කොළඹ ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

D.P.P.Prasad Friday, 02 September 2022 01:26 PM

මේරට ඉන්නා ඉතා දිලිදු කුඩා දරුවන්ට යම් අසීරු රෝග තත්වයක් ඇතිවුවහොත් ඒ සදහා ප්‍ර්‍රතිකාර ගැනීමට ලංකාවේ ඇති එකම රෝහල රිජ්වේ ආර්යා රෝහලයි. ⁣දැනට පවතින ආර්ථික අපහසුතාවයන් නොතකා ඇත ගම්දනව්වල සිටිනා දෙමව්පියන් තමන්ගේ කුඩා දරුවන්ගේ යම් යම් සංකීර්ණ රෝගි තත්ත්වයන් සදහා ප්‍රතිකාර ගැනිමට මෙම රෝහල කරා නිතර පැමිනෙයි. මෙම රොහල නගා සිටුවා නියමිත පරිදි පවත්වාගෙන යෑමට සියළු ලාංකිකයන්ගෙ මුල්‍යමය දායකත්වය හා වෙනත් ආකාරයට ලබාදියහැකි ආධාර උපකාර ලබාදිම මහගු පුන්‍යකර්මයකි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site