
(අංජුල මහික වීරරත්න)
දේශීය වෛද්‍ය විද්‍යාපීඨයේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත ඉඩම් කොටසක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතාව සඳහා වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුවට අයත්ව තිබූ හෙක්ටයාර 0.1765ක් පමණ වූ ඉඩම් කොටසක් සහ එහි පිහිටි ගොඩනැගිලි අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත අවුරුදු 50 ක බදු පදනම මත එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.
2023-02-13 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් දේශීය වෛද්‍ය විද්‍යායතනය කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට පත් කරනු ලැබ ඇති අතර, එම පීඨය විසින් අදාල ඉඩම ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර පවත්වාගෙන යාම සඳහා යොදා ගත යුතු බවට තීරණය කරනු ලැබ තිබේ.
ෙඒ අනුව අංක 330, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 8 පිහිටි ඉඩම් කොටස එම පීඨයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි කොළඹ විශ්ව විද්‍යාලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ සරසවි වෙද සිසුවියන්ට ඉන්න තැනක් ලැබෙයි