IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ මහල් නිවාස සංකීර්ණ 8 ක් කඩා වැටීමේ අවදානමක

(යොහාන් භාසුර)

කොළඹ නගර සභා සීමාවේ රජයේ මහල් නිවාස සංකීර්ණ 8 ක් දැඩිව අබලන්වීම නිසා එම නිවාසවල පදිංචි ජනතාවගේ ජීවතවලට දැඩි තර්ජනයක් නිර්මාණය වී ඇති බවත් එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පරීක්‍ෂණ ආයතනයේ නිලධාරීයෙක් පැවසීය.
වෑකන්ද මහල් නිවාස ව්‍යාපෘතිය, බම්බලපිටිට නිවාස ක්‍රමය, වේල්ස් කුමාර මාවත නිවාස ක්‍රමය, සිරිධම්ම මාවත නිවාස ක්‍රමය, කම්කරුපුර මහල් නිවාස ක්‍රමය, බී36 මාලිගාවත්ත නිවාස ක්‍රමය, එම නිවාස සංකීර්ණයේ ජී. එච්. ජේ. කේ. එම්. සහ එන්. යන නිවාස සහ මිහිඳු මාවත නිවාස ක්‍රමය යන නිවාස සංකීර්ණ අට මෙම අවදානම් තත්වයට පත්ව ඇති බවත් එම නිවාස යෝජනා ක්‍රමවල පාලන අධිකාරිය වන සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එම නිවාස සංකීර්ණ කඩා ඉවත්කිරීමට නිවාස අමාත්‍යංශයට යෝජනා කර ඇති බවත් වාර්තා වේ. 

 

 

 



අදහස් (3)

කොළඹ මහල් නිවාස සංකීර්ණ 8 ක් කඩා වැටීමේ අවදානමක

Lalla Monday, 26 June 2023 08:39 AM

ඩීන්ස් පාරේ වීපුලසේන මාවතට මායිම්ව තට්ටු නීවාසත් බලන්න කැත සහ පඩිපෙළ ගොඩනැගිල්ලෙන් වෙන්වෙලා තියනව නේද?අවුරුදු හතලිහක්වත් පරණ නෑ.

:       0       0

sam Monday, 26 June 2023 10:29 AM

මිනිස්සු අයින් කරලා මේ ඉඩම් ටිකත් විකුණන් කන්නයි මේ ප්ලෑන් ගහන්නේ

:       0       2

Ruwan Wednesday, 28 June 2023 06:59 AM

සුබ උදෑසනක්, මෙම ගොඩනැගිලි කඩා වැටෙන්නේ නැත, නමුත් බලධාරීන් එම අවස්ථාවෙන් මුදල් ලබා ගැනීමට ඉක්මන් වෙනව. කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව අහිංසක මිනිසුන්ගෙ ජීවිත නගා සිටුවීමට මෙ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site