IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ‍වේලක්

(ඩයනා උදයංගනී)

කොළඹ නාගරික බල ප්‍රදේශයේ  පෙර පාසල් සහ දිවා සුරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරිණි.

කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ඉල්ලිමකට අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සංවිධානය මේ සඳහා සහයෝගය දක්වා තිබේ.

 කොළඹ මහ නගර සභාවේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 12ක , ආධාරලාභී පෙරපාසල් 25 ක සහ දිවා සුරකුම් මධ්‍යස්ථාන 4 ක සිටින ළමුන් 1200 ආවරණය වන පරිදි  මාස හයක කාලයක් මෙසේ ආහාර වේලක් ලබාදීමට නියමිතය.

එක් දරුවෙකු සඳහා දිනකට රුපියල්100ක වියදමින් මෙම ආහාරය ලබාදෙන අතර, ස්ටැන්ලි ජෑන්ස් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ දී මෙම වැඩසටහන ආරම්භ කෙරිණි. 



අදහස් (7)

කොළඹ පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ‍වේලක්

Nandalal DE SILVA - France Friday, 29 July 2022 07:43 PM

කොළඹට කිරි... ගමට කැකිරි කට කහනවට නොවේ.. මේ ආහාර දිය යුත්තේ ගමේ අසරණ දුගී, දුප්පත් සිසුන්ට මිස කොළඹ සිටින පොහොසත් දරුවන්ට නෙවෙයි...

:       0       9

BTFriday, 29 July 2022 10:53 PM

මෙම වාර්තාවේ සඳහන් කර තිබෙන පෙරපාසල්වල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන් පාෙහොසත් පවුල්වල අය නොවේ.

:       1       0

BTSaturday, 30 July 2022 10:03 AM

මෙම වාර්තාවේ සඳහන් කර තිබෙන පෙරපාසල්වල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන් පාෙහොසත් පවුල්වල අය නොවේ.

:       0       0

වටින වැඩක්... Friday, 29 July 2022 08:03 PM

හැබැයි රෝසි ඇන්ටි ගියාම කියනව එහෙම නෙවෙයි..." කොත්තුත් මේකට එකතුවුනානම් " උම්මා .... කියල..!!

:       1       0

Prase Friday, 29 July 2022 08:29 PM

ලංකාවේ කළොත් ඉතින් මේ වගේ වැඩක් තමයි.

:       3       2

Jagath Saturday, 30 July 2022 06:20 AM

කොළඹට කිරි අපිට කැකිරි... අනෙක් ග්‍රාමීය, දූෂ්කර පළාත්වලට වුණත් කරුණාකර මෙය ක්‍රියාත්මක කරවන්න..

:       0       0

randil Saturday, 30 July 2022 09:54 AM

කොළඹ කිව්වට දැන් අන්ත අසරන වෙලා ඉන්නෙ ඒ මිනිස්සු, ගමෙ අයට ගහක් කොලක් හරි තියනව, කොළඹ දුප්පත් ජනතාවට කන්නත් නෑ, මෙ වගෙ දේකට ගරහන්න එපා, ඒ දරුවො වෙලක් කුස ගින්න නිවා ගන්න එකට ගරු කරන්න බැරි මිනිස්සු ඉන්නෙ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site