IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර අනතුරේ

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති.

ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති වාතාරණයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක්ගේ අනුදැනුම යටතේ එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවත් ශූද්‍ර ජීවි අංශයේ සහ ආසාධන පාලන ඒකකයේ වාර්තාවලින් එම තත්වය තහවුරු වී ඇති බවත් විශේෂඥා වෛද්‍යවරු කියති.

මෙම තත්වය ළමා රෝහලේ හෝ වෙනත් ප්‍රධාන රෝහල්වල දකින්නට නොලැබුණත් මෙරට ප්‍රධාන රෝහල වන ජාතික රෝහලේ තත්වය පිළිබඳව විශ්මයට පත්වන බව කියන විශේෂඥා වෛද්‍යවරු වැසිලිකිලි, කාණු, වැසිකිළි වළවල් ඇතුළු අපවිත්‍ර ස්ථානවල ගැවසෙන සේවකයන් ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකක පිරිසිදු කිරීම යෙදවීම හොඳ තත්වයක් නොවන බව ද සඳහන් කරති.  

මෙම තත්වය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගන්නා බව ද එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති. 



අදහස් (2)

කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර අනතුරේ

පුරවැසියෙක්...... Wednesday, 09 August 2023 06:32 PM

රෝහල්වල වැසිකිළි පවා පවිත්‍ර කරන සනීපාරක්ෂක සේවක සේවිකාවන් රෝහල්වල දැඩිව පවිත්‍රත්වය පවත්වා ගෙන යා යුතු ස්ථානවල පවා පවිත්‍රතා කටයුතු වල නියැලී සිටින අතර සනීපාරක්ෂක සේවකයින් විවිධ කාර්යාලවල තේ සෑදීම පවා කරන ආකාරයක් දක්නට ඇත. මෙය අවතක්සේරු කිරීමක් නොව, වැසිකිළි පවිත්‍ර කරන්නන් වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම සුදුසු නොවන තත්ත්වයකි...

:       0       15

Lala Thursday, 10 August 2023 08:26 AM

රාජ්‍ය සේවයේ සුලු සේවකයන් ඇත්තටම වැඩ කරනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site