IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළඹ ජාතික රෝහලට පොලිස් මුරපොළක් ඉල්ලයි

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහල වටා මාර්ගවල අධික වාහන තදබදය සහ රෝහල තුළ සහ රෝහල අවට ක්‍රියාත්මක දූෂණ ක්‍රියා පාලනයට රෝහල තුළ පොලිස් ස්ථානයක් පිහිටුවන ලෙස එම රෝහලේ පරිපාලනය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.  

කොළඹ ජාතික රෝහලට දිනකට පුද්ගලයන් 15,000 ක පමණ පිරිසක් පැමිණෙන බව කියන එම රෝහල් පරිපාලනය එම පිරිස සහ අවට පිරිස පාලනය කිරීමට පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ගෙන් යුත් දැනට පවතින මුරපොළ ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.

රෝහල තුළ පොලිස් ස්ථානයක් පිහිටුවන ලෙස වෛද්‍යවරු, නීති හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවත් පොලිස් ස්ථානයක් පිහිටුවන්නේ නම් ඒ සඳහා ගොඩනැගිල්ලක් දියහැකි බවත් එම පරිපාලනය කියයි.

රෝහල වටකර ඇති සියලුම මාර්ගවල කාර්ය බහුල වේලාවේ දැඩි වාහන තදබදයක් පැවතීම රෝගී සත්කාරවලට විශාල බාධාවක් බව කියන එම රෝහල් පරිපාලනය මෙම තත්වය පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කර දැනුවත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළේය.

ඇතැම් කුලී රථ හදිසි අනතුරු ඒකක අසළ මාර්ග අවහිර වන ලෙස අඛණ්ඩව කටයුතු කරන්නේ යැයි නිරන්තරයෙන් පැමිණි ලැබෙන බවත් මාර්ග රාජකාරියේ නිරතවන නිලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් රෝහල් පරිපාලනය වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (0)

කොළඹ ජාතික රෝහලට පොලිස් මුරපොළක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site