IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොළඹ ආරක්ෂක සමුළුවේ ගිවිසුමට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී  සිදුකෙරිණ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Mr. Ajit Doval K. C.), මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ් මහතා (Mr. Ibrahim Latheef, DC (Retd.), Lt Col (Retd.)), ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් (Haymandoyal Dillum) සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පැවැසූයේ  බාහිර තර්ජන වලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග සහ එවැනි තත්ත්වයන් වැඩිදියුණු වීම කළමනාකරණය කිරීම ජාතික ආරක්ෂාව විෂය පථයට ඇතුළත් වන බවයි.



අදහස් (3)

කොළඹ ආරක්ෂක සමුළුවේ ගිවිසුමට අත්සන් කරයි

Dr. Vajira Fernando Friday, 30 August 2024 10:43 PM

ජාතික ජන බලවේගයට විරුද්ධ ඉන්දියානු ගැති පෙරමුණක් ගොඩනැගීම Ajith Doval ගේ ගමනේ අරමුණයි...

:       1       4

sukitha Friday, 30 August 2024 11:52 PM

අභ්‍යන්තර ආරක්ෂාවට පිටරටවල් 3ක්? ඔබතුමා ඇඳුම් කීයක් අඳිනවාද එක පාරට...?

:       1       2

Chandima Saturday, 31 August 2024 01:09 PM

උපදේශකලාට රටක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්න බලයක් තියෙනවාද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site