IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොළඹ ආනන්ද බාලිකාවෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක්

(ඩයනා උදයංගනී)

කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හා ජනමාධ්‍ය වැඩසටහන අද (9) පෙරවරුවේ පැවැත්විණි.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරිය ලෙස ජේ. ඒ. ඉනුකි තෙවන්ගා, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාසලේ විදුහල්පතිනී ගංගා කුමුදුනී මහත්මිය ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් පසු අගමැතිවරිය ලෙස චංචලා අරෝශි ශිෂ්‍යාවත් අමාත්‍ය මණ්ඩලයත් දිවුරුම් දෙනු ලැබිණි.

මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැතිවීම විශේෂත්වයකි.

ඡායාරූප - ළහිරු හර්ෂණ 



අදහස් (14)

කොළඹ ආනන්ද බාලිකාවෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුවක්

tikka Wednesday, 09 November 2022 05:12 PM

ඉස්සෙල්ලාම සෙංකෝලයෙන් ළඟ ඉන්න එක්කෙනාගේ ඔළුවට ගහන්න ඕනේ...! එතකොට තමයි ලංකාවේ පාර්ලිමේන්තුවක් කියලා පිළිගැනීමක් ලැබෙන්නේ...!

:       6       20

චමින්ද Wednesday, 09 November 2022 05:21 PM

මම මෙයට ඉතසිතින්ම සුබ පතනවා.. මොකද මම කැමැති නැහැ ජනතා ඡන්දය අරගෙන ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියලා බෙදිලා රට කනවාට. ඇත්තටම ලංකාවට සුදුසු විපක්ෂයක් නැති සෑම ජනතා නියෝජිතයෙක්ම හරිදේ හරි ලෙසත්, වැරැදිදේ වැරදි ලෙසත් දකින්නට පුරුදු වෙන්න ඕනෑ. එය දියුණුවට හේතුවක් වෙනවා. දැන් පේනවා නේද ලංකාවට බෙදී හිටපල්ලා කියලා පක්ෂ ක්‍රමය ඇතිකළ එංගලන්තයට වෙලා තියෙන්නේ මොකක්ද කියලා...

:       11       45

ජැක්සන්Wednesday, 09 November 2022 06:46 PM

නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයකට බලගතු විපක්ෂයක් අවශ්‍යයි...

:       7       14

saththyaa Thursday, 10 November 2022 11:53 AM

මේ චමින්ද ගොරකයෙක් නේද?

:       0       2

AB Wednesday, 09 November 2022 05:58 PM

පාසල් සිසුන් "කාන්තාවන්" දේශපාලනයට උනන්දු කරවීම කොළඹ ආනන්ද බාලිකාවෙන් ආරම්භ කිරීම අගය කරමු...

:       31       9

Sunil Wednesday, 09 November 2022 06:18 PM

මේ ළමයාවත් නරක් කරන්න යන්නේ...!

:       8       42

පාර්ලිමේන්තුව නැරඹීමට ගිය 8 වසර සිසුවියගෙ අත්දැකීම..! Wednesday, 09 November 2022 07:01 PM

අනේ අම්මෝ...! අපේ ටීටර් අපි දැනගෙන හිටියේ නැහැනේ පාර්ලිමේන්තුව කියන්නේ දිව්‍ය විමානයක් කියලා අපේ ඇස්වලට අදහා ගන්නත් බැරිවුනා ඒ පරිසරය දැකලා... සුදු ඇඳුමින් V-8 වාහනවලින් බැහැපු අය ඇතුල්වුන හැටි දැක්කහම අපිට හරිම ආඩම්බරයක් නේද ටීචර්..! සමහර ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ ඇයි අහන ප්‍රශ්නවලට ඉංග්‍රීසියෙන්ම පිලිතුරු දෙන්නේ ... ඒ කියන්නේ සිංහලෙන් පිලිතුරු දෙනකොට වචනවල අගයක් නැද්ද ටීචර්.? ආ..තව එකක් ටීටර්... අපි නිතරම දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ මන්‍ත්‍රීලා නිතරම මොබයිල් එක පාවිච්චි කරනවා කතානායක වැඩපටන් ගත්ත වෙලාවේ ඉඳලා... ඒක අපිටත් රටටත් ලොකු ආදර්ශයක්...! එහෙම කරලත් ඒ අය මාසෙ පඩි ගන්නවනේ .. ටීචර්ලටත් එහෙම පඩිය ගන්න පුලුවන්නේ ඉතින්.. අපේ ඉස්කෝලවලටත් ඔය මොබයිල් ටෝක් අනුමැතිය ලඛා දෙන්නකො... ඒක ඇතුලේ මැතිඇමතිලා නිතරම කෑගහගන්නවා දැක්කහම අපිට පුදුම හිතුනා ටීචර් ඇයි කතානායකතුමා ඒ අයව එයා ඉදිරියෙදි අපේ ඉස්කෝලවල දෙන දඬුවම වගේ දණ ගැස්සුවෙ නැත්තේ කියලා..? සමාවෙන්න ටීචර් මේ ප්‍රශ්ණය ඇහුවට... ඒ අය අපේ පන්තියට වෙනකම්වත් ඉස්කෝලෙ ගිහිල්ලම නැතිද ..? පාර්ලිමේන්තුව නැරඹීමට ගිය 8 වසර සිසුවියගෙ අත්දැකීම..!

:       2       75

Samantha sirisena Wednesday, 09 November 2022 07:36 PM

මේ වගේ නිෂ්ඵල වැඩ කරන්න නම් ලංකාවේ පාසල් ඕනෑතරම්... හැබැයි ළමයින්ට ජීවිතාරක්ෂක හරි ප්‍රථමාධාර දැනුම හරි ලබාදෙන්න වැඩසටහනක් කරන්න කාටවත් ඕනෑකමක් නැහැ...

:       4       62

sampath Wednesday, 09 November 2022 09:49 PM

ලංකාවේ පාසල් වල ඔය වගේ සතපහකට වැඩක් නැති මනස්ගාත කරනවා. සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දවසකට කීයක් සිදුවීම් වෙනවාද ? ලෝකයේ පිළිගත්ත රටවල මේක කරනව. අකැමති වුණත් නැතත් ළමයින් සම්බන්ධ අතවර සහ අනෙකුත් ලිංගික හිංසනයන් වාර්තා වෙන සහ නොවෙන එකතුව කීයද කියලා හොයලා බලන්න. සංස්කෘතික ඔලමොට්ටලයන් කියන ඒවට බයේ ඉන්න ඕනි නෑ. මොකද කරුවෝ මේවා වැරදියට දැන ගන්නවට වඩා හොඳයි හරියට කියලා දෙන එක. ඒ සදහා වෙද්‍යෙ විද්‍යාලසහ සහ ආචාර්ය මහාචාර්යවරු යොදා ගන්න.

:       49       21

බද්රානි Thursday, 10 November 2022 04:28 AM

මෝඩයින්ගේ පරාදීසයේ පිස්සු වැඩවලට මහා පුදුම විදිහේ වටිනාකමක් තියනවා නේද? එක අතකට ඉතින් ඒ පිස්සන්ගේ පරාදීසයේ පිස්සන්ව පුහුණු කිරීමේ වැඩමුළුවක් කලින්ම තියන එකේ ලොකු අවුලකුත් නැහැ. කොහොමත් ඉතින් රැල්ලට ගහගෙන යන පිස්සොනේ... ඔහොම ජඃ!!!!

:       22       11

Chandima Thursday, 10 November 2022 05:13 AM

ඒක හොඳයි. මේ විදියට මන්ත්‍රි කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් වෙන එක හොඳයි.

:       0       1

Perera Thursday, 10 November 2022 09:48 AM

මේ වගේ වැඩකට නැති මල කෝලම් ලංකාවේ පාසල් වල තමයි කරන්නේ.

:       1       12

shakila rupasinghe Thursday, 10 November 2022 10:45 AM

ඉතාම ඉහල කටයුත්තක් .සුභ පැතුම් අපේ දරුවන්ට

:       9       1

Prase Thursday, 10 November 2022 12:20 PM

ගොන් බුරු අදහසක්, හොද ආත්ම අබිමානයක් තියන්න දරුවන් පිරිසක් සමාජය ට දායාද කරන්න ඔන තැන කැද හැලියක් කරන්න එපා

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site