IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොළොන්නාව වෙන තැනකට

(අංජුල මහික වීරරත්න)

කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම් වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය.

ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිතව පවතී.

මෙම සැලසුමට අනුව කැලණි ගං මිටියාවතේ ගංවතුර පාලන ක්‍රමවේදයක් සකස් කිරීමටද නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර සහ ප්‍රේමනාත් සී.දොළවත්ත මහත්වරුද සහභාගී වූහ.

 



අදහස් (10)

කොළොන්නාව වෙන තැනකට

kamal ,koyrala Saturday, 08 June 2024 06:43 PM

මාරු මාරු ..නව නගර සැලැස්ම කරන්නේ නීතිඥනයින් වගේ රත්නපුරෙත් නව නගරය හැදුව ගංවතුරෙන් බේරෙන්න කෝ ඒ නගරේ... කොළඹත් නාගරික පාඨලී කරනේ කෝ දැන් ගංවතුර බහිනවද ?. ඔය වගේ නගර , බස් නැවතුම් ,වෙළද පොලොවල් කොතරම් කෙලටේ ගිහින් ද අය්යෝ..සල්ල්ලී

:       6       19

Upali RanasinghaSaturday, 08 June 2024 07:30 PM

රත්නපුර නව නගරය කිව්වම තියෙන්නේ පළාත් සභාව කච්චේරිය වගේ කාර්‍යාල විතරයි වෙළඳපොලක් නැහැ අඩුපාඩු කෙළවරක් නැහැ එතැනට එන කෙනෙකුට බොහෝවිට දුර ගමන් බස් නවතන්නෙ නැහැ මොකද රත්නපුර පැරණි නගරයේ සිට ධාවනය කරන බස්තියන්ලා දුර ගමන් බස් වලට මගීන් ගන්න දෙන්නෙ නැහැ ඉතින් හදපු නව නගර එහෙම නම් තවත් හැදුවත් එහෙම තමයි ඔය සැලැස්ම රනිල් ජනාධිපති හැටියට හදාවි ඒත් පොහොට්ටුවෙ එකෙක් ජනාධිපති වුනොත් ආයෙමත් ඔහොමම තමයි

:       2       17

........................ Saturday, 08 June 2024 07:34 PM

බොහෝම ඉස්සර කාලයේ මට මමතක හැටියට කුමාරොදය පොතක තිබුනා ළිඳ ඉස්සු මිනිස්සු කියලා ළමා කතාවක් .ඉතින් මට ඒක මතක් වුනේ ඇයි කියලා හිතාගන්න බැහැ

:       5       20

Lalla Sunday, 09 June 2024 12:00 PM

අලුතින් නගර ගොඩ නගන්න කියලා බලෙන් පහත්බිම් අල්ලාගෙන ගොඩ කරලා ගෙවල් හදාගත්තු අයටත් ගෙවල් හදලා දෙන්න ඕනද? රටේ බදු ගෙවන්නන් සූරකාලා මේ වගේ වැඩ කරන්න කවුද ඔය ඇත්තන්ට බලය දුන්නේ...?

:       0       4

janahitha Sunday, 09 June 2024 08:57 AM

මෙය කල යුතු වන්නේ පලපුරුදු ඉංජිනේරුවන් අතින් මිස අදහස් පල කරන ඔබලා නොව්.

:       0       4

Miris Kudu Matta Sunday, 09 June 2024 01:58 PM

කොළොන්නාව නුවර එළියට අරන් යමු කියලා මම යෝජනා කරනවා.

:       0       3

Kamal Koyrala Sunday, 09 June 2024 03:00 PM

එක කරන්න බැහැ කදුමුදුන්වල පන්සල් හදන්න තියෙනවා

:       0       2

ගජමිතුරු Sunday, 09 June 2024 02:40 PM

මෙවර ඇතිවී ගංවතුරට පෙරත් කොලොන්නාව ගංවතුරින් යට වුණා.. කියලා අහලා නැහැ.. එහෙම නම් ඕක වෙන්න ඇත්තේ පහත්බිම් ගොඩකර ඉදිකිරීම් කිරීමත් පහත්බිම් තිබියදී ජලය රැඳුණු ස්ථාන නොමැතිවීම හා ජලමාර්ග වසා දැමීම නිසාම වෙන්න පුළුවන් අවිචාරවත් ඉදිකිරීම් හා ඒවා කිරීමට අනුමැතිය ලබාදීමත් අවසර නොමැතිව කරන ඉදිකිරීම් ඉවත්නොකර තිබීමත් ගංවතුර ඇතිවීමට හේතුවෙනවා. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීම භාරව සිටින ආයතන පළාත් පාලන ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකලා මූලිකව මේවාට වගකිව යුතුයි..

:       0       2

Anura Monday, 10 June 2024 01:48 PM

දෙයියෝ සාක්කි

:       0       0

Hiruni car Monday, 10 June 2024 01:49 PM

කඩු ගංවතුරට අහුවෙන නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site