(සුමිත් පොතුපිටිය)
වස්කඩුවේ ලී මෝලක අද උදෑසන ගින්නක් හටගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .
නිමවන ලද ලී තට්ටු පදම් කරන බොයිලේරුවේ ගින්න හටගෙන තිබූ අතර , විදෙස් රටවලට යැවීම සදහා නිමවන ලද පැලට් ලෑලි තට්ටු විශාල ප්‍රමාණයක් විනාශවී තිබුණි.
කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධාන ගිනි නිළධාරී ඉන්දික ප්‍රභාත් ඇතුළු හත් දෙනෙක් ගිනි නිවන රථ දෙකක් උපයෝගී කරගනිමින් ගින්න පාලනය කිරීමට සමත්වූහ.
කළුතර උතුර පොලිසිය සහ අවට සිටී පිරිස්ද ඒ සදහා සහායවිය.
සිදුවූ දේපල හානිය ලක්ෂ 20 කට අධික බව සදහන්වන අතර, ජීවිත හානි සිදුව නොමැත.
ලී මෝලේ හිමිකරු අද සිය පෞද්ගලික මුදලින් කඩල දන්සලක් දිම සදහා කඩල කිලෝ 100 ක් දියේ දමා තිබූ අයුරුද දැකගත හැකිවිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුතර ලී මෝලක ගින්නක්:ලක්ෂ 20ක දේපළ වැනසෙයි