(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)
කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී 16 හැව්රිදි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව අද පස්වරුවේ එම ලැගුම්හලේ හිමිකරුගේ බිරිය අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටී කළුතර ගාලු පාරේ පිහිටි සිසිලියන් වෝක් ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිද බව පොලිසිය කීය.
ඇය එදින ලැගුම්හලේ පිළිගැනීමේ නිළධාරීනිය ලෙස කටයුතු කර ඇති අතර ,කළුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැව්රිදි කාන්තාවක බවද සදහන් වේ.
ඇය වෙනත් වැඩිහිටි තරුණියකගේ හැදුනුම්පතක් ලබාගෙන මියගොස් ඇති පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබාදී ඇති බව සදහන් වේ.
ජාතික හැදුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරුව කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට ලිංගික ප්‍රයෝජන ලබා ගැනීම සදහා පරිශ්‍රය ලබාදීමේ වරදට සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කළුතර දැරියගේ සිද්ධියට ලැගුම්හල් හිමිකරුගේ බිරිය අල්ලයි
Pradeep Kumara Thursday, 11 May 2023 04:19 PM
කුමන දෙයක් කර හෝ මුදල් ඉපයිය යුතුයැයි සිතනා මෙවන් අයට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න. ඇයටත් මෙවැනි දරුවන් ඇති. නමුත් මුදලට ඇති ගිජුකම ඒ මානව දයා ගුණ සියල්ලම අභිබවා ගොස් ඇත.
Prasanka Thursday, 11 May 2023 04:51 PM
කාට වුණත් ID පින්තූරවලින් අඳුරගන්න බෑ. මෙයාව රවට්ටලා තියෙන්නේ...
Bamunuarachchi Thursday, 11 May 2023 05:29 PM
අත්අඩංගුවට ගත්ත හේතු සාධාරණයි.