IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කළුතර ටියුෂන් ගුරාට ඇප

(සුමිත් පොතුපිටිය)

කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී මාස දෙකයි දින 10 ක්  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටී පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇපයක් මත මුදාහරින  ලෙස  කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්  නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද  (21)  නියෝග කලාය.

කළුතර උතුර,  සුභසාධක  මාවතේ  පදිංචි  විදානආරච්චි සංක තිවංක ජයවික්‍රම යන 30 හැව්රිදි අය මෙසේ ඇපමත මුදාහරින ලදී.

ඇප කොන්දේසි වලට අමතරව සැකකරුට විදෙස් ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කල මහේස්ත්‍රාත්වරිය සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින උදෑසන 9 ත් 12 ත් අතර කාලයේ අපරාධ කොට්ඨාශය කළුතර දිසාව වෙත වාර්තා කරන ලෙසත් සාක්කි කරුවන්ට බලපැම් නොකරන ලෙසත් වැඩිදුරටත් නියෝග කලාය.

සැකකරු භාවිතා කල ජංගම දුරකථනය මේ වනවිට පරීක්ෂණ සිදුකරන  අපරාධ කොට්ඨාශය කළුතර දිසාව වෙත භාරදී ඇති බවත් , මාස දෙකකට වැඩිකලක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයා  ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ සංජීව ගුණරත්න මහතා අධ්කරණයෙන් ඉල්ලා සිටීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කරන ලදී.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පංතියක් පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබූණි

සැකකරු භාවිතාකල ජංගම  දුරකථනයක් භාරදෙනු ලැබූවද තවත් ජංගම දුරකථන දෙකක් භාවිතා කරන බවත්,  සිම්පත විසන්දි කර එම අංකයෙන්ම නව සිම්පතක්  ලබාගත් බව සදහන් කලත් එය විසන්දි කර නොමැති බවත්  දුරකථන විස්ලේශණ වාර්තා අනුව පෙනීයන බව පොලිස් පරීක්ෂක දිස්නා ප්‍රියන්ති මහත්මිය  අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

සැකකරුට ඇප ලබාදුන හොත් පරීක්ෂණ වලට බාධා එල්ලවන බැවින් පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටී නීතිඥ තාරකා කවිරත්න සහ තරිඳු කවිරත්න ඇප ලබාදීමට විරුද්ධවූහ.

විත්තිය වෙනුවෙන් නීතිඥ සංජීව ගුණරත්න සහ මනෝජ් ආබෲ , පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ තරිඳු කවිරත්න සහ තාරකා කවිරත්නද අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.

නඩුව ලබන සැප්තැම්බර් 22  දා යලි කැදවීමට නියමිතයි.



අදහස් (1)

කළුතර ටියුෂන් ගුරාට ඇප

බද්රානි Friday, 21 July 2023 08:07 PM

ලංකාවේ ජීව විද්‍යාව උගන්වන, ගෝත්‍රික ආකල්ප ඇති ටියුෂන් කාරයෙක් තනිකරම කුණුහරුපෙන් ජීව විද්‍යාව උගන්වනවා. ඒවා කාටවත් පේන්නේ නැද්ද? ඔය ටියුෂන් ගුරාලා ළමයින්ගෙන් සූරාකන මුදල්වලට රජයට බදු ගෙවනවාද? ලංකාවේ ටියුෂන් විරෝධයක් ඇතිකළ යුතුයි. කොහෙද ලංකාවේ ඉතින් වැඩිහිටියෝ කියන්නේ, තනිකරම මන්ද බුද්ධිකයින්නේ...!

:       3       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site