IMG-LOGO

කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි

මහා ගංවතුර අසුව කළු ගඟ දිගේ ගලා ආ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත ලන අප ද්‍රව්‍යවලින්  කළුගං කලපුවේ මෝය අවහිර වන සේ තැන්පත්ව ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,

මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත ලද ද්‍රව්‍ය මෙන්ම දිරාගිය අතුරිකිලිවලින් කලපුව සම්පූර්ණයෙන්ම පාහේ වැසිගොස් ඇතැයි ධීවරයෝ පවසති.

මේ ආකාරයෙන් දින ගණනක් මෙම අපද්‍රව්‍ය කලපුවේ තිබුණහොත් කලපුව අපවිත්‍ර විමේ අවදානමක් ඇතැයි ද ධීවරයෝ පෙන්වා දෙති.

(සුනිල් එස් තන්ත්‍රිආරච්චි)



අදහස් (4)

කළුතර කලපුව අපද්‍රව්‍යවලින් පිරෙයි

යෝගා Wednesday, 09 June 2021 06:34 PM

ගිනිගත් නැවෙන් මුහුදට එකතු වූ ප්ලාස්ටික් මෙන් සිය දහස් ගුණයක් අහිතකර ප්ලාස්ටික් සහ විෂ රසායනික අපේ ගංගා වලින් මුහුදට එකතු වෙනවා...

:       0       186

nimal Wednesday, 09 June 2021 07:14 PM

ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවතලන අපද්‍රව්‍ය ගෙදරටම ගෙනත් දීලා තිබෙන නිසා දැන් තියෙන්නේ ඉක්මනින් නගර සභාවට දමලා ඉවත් කරන්න. සියල්ලම එකතැනකට ඇවිත් තිබෙන නිසා වැඩේ පහසුවේවි..

:       0       33

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 June 2021 06:50 AM

කිව්වාට අමනාප වෙන්න එපා... බොරුවට මානයෙන් ඔලුව උදුම්මාගෙන හිටියාට අපි සංවර කමින් තොර අසංවර මිනිසුන් කොට්ඨාසයක්... බලන්න අපේ රටේ බස් නැවතුම් පොළක හැටි. මාතර එකේ හැම තැනම බුලත් කෙළ ගහලා. රුපියල් 10ක් ගෙවා සුළුදිය වක්කරන්න ගියත්, ඒ වැඩේ හරියට කරගන්නත් බැහැ. පවතින දුර්ගන්ධය නිසා. අලුත්ගම බස් නැවතුම්පොළේ ඒ පහසුකම් හරිහැටි නැහැ. බස් රථවල රියැදුරු කොන්දොස්තරලා හා මගීන් දැඩි අපහසුතා විඳිනවා. අපි පොඩි කාලේ මේ කළුතර වෙරළ තීරයේ අන් ළමයින් සමග ඇවිදිනවා පාසල් අවසන් වීමෙන් පසු... දැන් කෝ ඒ සුන්දර පරිසරය? මිනිසා විසින්ම විනාශකොට දමලා. නොයෙකුත් අපද්‍රව්‍ය ගංගා ජලයට මුසුවීම නිසා ඒවා පරිසර දූෂණයට ලක්වෙලා. ඒත්, පරිසරය ගැන උගත්, එයට ආදරය කරන දේශපාලකයින් අද නැහැ. සියළු වරප්‍රසාද ලබා ඔවුන් කරන්නෙත්, රට වනසන එකයි. අනේ.. රටකට ගිය කල...

:       0       0

kamal Thursday, 10 June 2021 09:11 AM

මෙන්න ඇති තරම් කාබනික පොහොර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site