IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට අද (4) පස්වරුවේ පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

මෝටර් රථය දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් දුම්රිය ධාවනයටද බාධා සිදුව ඇතයි පොලිසිය කීය .

බණ්ඩාරවෙල සිට හපුතලේ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම නිසාවෙන් බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී එක් වරම මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගයට  පෙරලීගොස් ඇති බවත් පොලිසිය පැවසිය.

මෝටර් රථය දුම්රිය මාර්ගයයට පෙරලීයාමට මොහොතකට පෙර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රිය එම ස්ථානය පසුකිරිම නිසාවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැලකී ගිය බව පොලිසිය සදහන් කලේය .

බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේ පුද්ගලයකු මෙසේ තුවාල ලබා ඇති අතර මෝටර් රථය විනාශ වී ගොස් තිබේ.

බණ්ඩාරවෙල පොලිසිය වැඩ්දුර පරීක්ෂණ පවත්වති .



අදහස් (0)

කොළතැන්න දුම්රිය මාර්ගයට මෝටර් රථයක් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 52 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site