
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නෝටන්බ්‍රීජ්, අළුඔය ප්‍රදේශයනේ කැළණි ගඟට සත්ව අපද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් ගංඟාවේ ජලය පරිහරණය කරන තමන්ගේ සෞඛ්‍යට මෙන්ම පරිසර දූෂණයටද දැඩි තර්ජණයක් එල්ලවී ඇති ප්‍රදේශවාසීහු කියති.
අළුඔය ප්‍රදේශයේ පවත්වාගෙන යන විශාල ශත්ව ගොවිපළකින් මෙසේ වරින්වර ශත්ව අපද්‍රව්‍ය සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් කැළණි ගඟට මුදා හැරීම නිසා ගංඟවේ ජලය දින කීපයක් කළු පැහැයෙන් ගලා බසින බවත්, එම දිනවල ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමා යන බවත් කියති.
මෙම ශත්ව ගොවිපලෙන් වරින් වර ශත්ව අපද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධව තමන් සෞඛය අංශයේ වගකිවයුත්තන්ට කීප වරක් දන්වා ඇතත් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට එම ජනතාව චෝදනා කර සිටිති.
අප මේ සම්බන්ධව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.එම්.පී.එන්.කිරිමාන්න මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ, මේ සම්බන්ධව පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් පියවරක් ගන්නා බවත්ය.
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැළණි ගඟට අපද්‍රව්‍ය මුදා හැරීමෙන් ජනතාව පීඩාවට