IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෙහෙළිය යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි "ඉමියුනෝගලොබින්" හා පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන "රිටොක්සි මැප්"ප්‍රමිතියෙන් තොර යැයි  කියන ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත රසායනාගාර පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙස නියෝග කළමාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය බාල ඖෂධ එන්නත් වර්ග 45 මෙරටට ආනයනය කර ඇත්ද නැද්ද යන්න පිළිබඳ වාර්තාව ලබන 10 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි රේගු  අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරමින් දන්වා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන රසායනාගාරයකට ප්‍රතිදය එන්නත් යොමු කිරීමේ නියෝගය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට නිකුත් කෙරිණි.

බාල ඖෂධ රෝහල්වලට බෙදා හැරීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත  තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.

නඩුවේ එකොලොස්වන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන ජීවිත අවධානම් තත්ත්වයක පසුවන හෘද රෝගියෙක් බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔහුව ඇප මත මුදා හරින බව දන්වා සිටියාය.

ඒ අනුව සැකකරු ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප තුනක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දෙමින් සැකකරුට සෑම මසකම පලමු සහ අවසන් ඉරු දින උදෑසන 9-12ත් අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හා විදේශ ගමන් තහනම් කරමින් ඇප නියෝග නිකුත්  කලාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෙසු සැකකරුවන් අටදෙනා මැයි 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය. 



අදහස් (5)

කෙහෙළිය යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Monday, 06 May 2024 08:35 PM

ඇප දෙන්නම එපා නඩුව ඉවරවෙනකල්. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව මාරු වුණොත් බඩුම තමයි...

:       2       41

Perera Tuesday, 07 May 2024 07:39 AM

රක්ෂිත බන්ධනාගාර ගත කරන්න දඬුවමකට නොවන බව රටේ වැඩි දෙනා දන්නේ නැති කරුණක්

:       0       0

Kazi Shajahan Tuesday, 07 May 2024 08:01 AM

කොහෙළියට ආයිත් ගෙදර යන්න බැ. නඩුව ඉවර වුණ හැටියේ අවසාන කාලය ජම්පරේ තමයි අදින්න වෙන්නේ... මේ කරපු අපරාධ වැඩවලට

:       0       1

Lalla Tuesday, 07 May 2024 09:34 AM

අවදානම් තත්ත්වයේ හෘද රෝගියෙක්... එයා වස බෙහෙත් ගේන කොට ඒ තත්ත්වයට රෝගීන් පත්වීම ගැන හිතල නෑ නේද? ඉතින් මොකටද එවැන්නෙක් ගැන මානුෂිකත්වය දක්වන්නේ....

:       1       13

wedage Tuesday, 07 May 2024 10:02 AM

කෙහෙළිය උසාවි එන වායු සමීකරණය කරපු වැන් එක කාගෙද? බස් එකේ එන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site