(නිමල කොඩිතුවක්කු)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වල්ල මහතාට එරෙහිව නැවත වතාවක් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද (12)පැවසීය.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවේ මහමොළකරු බවට පෙනී යන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය මෙම විශ්වාස භංග යෝජනාව ඉතා කඩිනමින් ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම විශ්වාසභංග යෝජනාවේ දී මහජන නියෝජිතයන් සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද, නැතහොත් රුධිර වංචාවේ මහමොළකරු වෙනුවෙන් පෙනී සිටිනවාද යන්න පිළිබඳ ජනතාවට දැකගත හැකි වනු ඇති බවත් ඔහු කීවේය.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව කඩිනමින් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
මෙයට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පක්ෂව ඡන්ද 113ක් හිමිවූ බවත් තවදුරටත් ඔහු ආරක්ෂා කරනවාද යන්න එම පිරිසෙන් විමසන බවත් ජයවර්ධන මහතා කීවේය.
සිවිල් සංවිධාන සහ ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කොට ඉතා කඩිනමින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මජුබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළියට සජබෙන් යළිත් විශ්වාසභංගයක්
පිටරැටියා Friday, 12 January 2024 05:56 PM
වෙන ශිෂ්ඨ සම්පන්න රටක නම් ඇමැතියා මෙළහකටත් අස්වෙලා.. දූෂිත බලලෝභී දේශපාලුවන් රජ කරන රටක කවර කතාද?
Perera Friday, 12 January 2024 09:37 PM
කළින් පත්තු කළා වගේ තව පුස් වෙඩිල්ලක්...