IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෙහෙළියගෙන් සජිත්ට බිස්කට් පැක්ට්ටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ත්‍රිපෝෂ සමාගම ළදරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන බිස්කට් පැකට් තුනක් පාර්ලිමේන්තු සභා ගර්භයට අද ( 4) රැගෙන ආ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එය තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දෙන බව පවසා සේවකයකු අත ඔහු වෙත යවනු දැකගත හැකිවිය.

මුලින්ම ඒ බිස්කට් පැකට් තුන සභාවට ප්‍රදර්ශනය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා " ත්‍රිපෝෂ සමාගම වහල කියලා විපක්ෂ නායකතුමා මීට කලින් මේ සභාවේදි කියලා තිබුණා. එහෙම දෙයක් නැහැ. ඒක වැඩ. මෙන්න ඒකේ ළදරුවන්ට ගහන බිස්කට්. ළදරුවකු නොවුණත් මම ඔබතුමාටත් ඒ බිස්කට් පැකට් තුනක් දෙනවා" යැයි පැවසුවේ මද සිනහවක්ද පාමිනි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේද පැවසීය.

ත්‍රිපෝෂ කම්හල වහලා නෑ. ඔබතුමාට දීලා තියෙන්නේ වැරදි තොරතුරක්.( බිස්කට් පැකට් තුනක් පෙන්වමින් ) මේක දෙන්න ඕන ළදරුවන්ට. ළදරුවෙක් නොවුණට මම ළදරුවන්ට ගහන මේ බිස්කට් පැකට් තුනක් ඔබතුමාට දෙනවා. ඒක කාලා බලන්න. ඉතාම හොඳයි. ළදරුවන්ට පමණයි තියෙන්නෙ. ඒ වුණාට ඔබතුමාටත් කන්න පුළුවන්. මේක දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේ බිස්කට් දිනකට දහදාහක් නිෂ්පාදනය කරනවා. ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිද්ධ වෙනවා. කිසිම අඩුවක් වෙලා නැහැ.

 



අදහස් (1)

කෙහෙළියගෙන් සජිත්ට බිස්කට් පැක්ට්ටුවක්

ගමේ එකාලා Wednesday, 04 October 2023 06:56 PM

බිස්කට් ලෝකෙටම පෙන්නලා පොරක් වෙන්ඩ හැදුවට වැඩක් නැහැ.ඉස්පිරිතාලවල අහින්සක ලෙඩ්ඩු බිල්ලට දීලා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site