IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


‘කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය නොකළාට නීතිය ක්‍රියාත්මක කරන්න’

(ජයන්ත සමරකෝන්)
 
එංගලන්තයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ අඩංගු කන්ටේනර් 130ක් වසර එකහමාරක් තිස්සේ ප්‍රතිඅපනයනය නොකිරීම සම්බන්ධයෙන් හේලිස් පෞද්ගලික සමාගමට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත්, වහාම එම කසළ තොග ප්‍රතිඅපනයනය කිරීමටත් උපදෙස් දුන් බව, ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(25) අරලියගහ මන්දිරයේ  පවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
ඒ සමඟම දැනට වරායේ රඳවා ඇති කසළ කන්ටේනර් 111ක්ද, ඉදිරි සති දෙක ඇතුළත වහාම ප්‍රතිඅපනයනය කරන ලෙසට ඒවා ගෙන්වූ තවත් සමාගමකට තදින් අවවාද කළ බවද මන්ත්‍රීවරයා කීය.
 
කෙසේ වෙතත් මෙරටට කසළ ආනයනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවද, මෙම කසළ අපද්‍රව්‍ය ගෙන්වීමට 2013 වසරේදී පසුගිය රජය නිකුත් කළ ගැසට් පත්‍රය හෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම යොදා ගෙන ඇති බවට ගෙනයන ප්‍රචාරය මුළුමණින්ම අසත්‍යයක් බවද ඔහු කීවේය.



අදහස් (0)

‘කසළ කන්ටේනර් ප්‍රතිඅපනයනය නොකළාට නීතිය ක්‍රියාත්මක කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site