
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී තිබේ.
මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ලෙසද සැලකේ.
පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ "කමීඩියන්" නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී ඇත.
එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට මිලදී ගෙන තිබිණි. වෙන්දේසියේදී මෙම නිර්මාණය මිලදී ගැනීමෙන් පසුව ජස්ටින් සන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා කෙසෙල් ගෙඩිය නරක් වීමට ප්‍රථම ආහාරයට ගන්නා බවයි.
"කමීඩියන්" 2019 වසරේදී ප්‍රථම වරට කලා නිර්මාණයක් ලෙස එළි දක්වා ඇති අතර එම අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලර් 120,000 ක මුදලකට අලෙවි වී ඇත.ඉන් පසුව කෙසෙල් ගෙඩි නරක් වන විට උපදෙස් පරිදි අලුත් කෙසෙල් ගෙඩි ආදේශ කරමින් මේ වනතෙක් කලා නිර්මාණය පවත්වා ගෙනවිත් ඇත. මෙම නිර්මාණයට ඇමෙරිකානු ඩොලර් ,මිලියන 1 ත් 1.5ත් අතර මුදලක් ලැබෙනු ඇතැයි වෙන්දේසිකරුවන් අනුමාන කර තිබිණි. මෙම නිර්මාණය කලාව සහ ඩිජිටල් ලෝකය අතර පාලමක් ලෙසද සැලකෙන බව පැවැසෙයි.
මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම විවේචනද එල්ල වී තිබෙන අතර අද ලෝකයේ සල්ලිවලට කරන්න දෙයක් නැති මිනිසුන්ද සිටින බවට මෙය කදිම උදාහරණයක් බවට හඳුන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
වික්‍රම විදුර Sunday, 24 November 2024 07:49 PM
ඔය බනානා සුජීගේ කෙසෙල් ගෙඩියක් නේද..? පදනම කියලා සීල් ගහලා ඇති... ඒ්කයි එච්චර ගාණකට වෙන්දේසි වෙලා තියන්නේ..
Perera Monday, 25 November 2024 08:34 AM
ලෝක අපරාධ කියන්නේ ඕවට .ලෝකයේ දහස් ගණන් ජනතාව ඉන්නවා කෙසෙල් ගෙඩියක්වත් ගන්න බැරුව බඩගින්නේ . මේ හාදයා මිලියන 6 ක් වියදම් කරලා කෙසෙල් ගෙඩියක් අරන් කනවා .ඔය සල්ලි කී දෙනෙකුගේ බඩගින්න එක වේලකින් හරි නිවන්න යොදවන්න තිබුනද
RS Monday, 25 November 2024 03:03 PM
ලංකාවට වඩා ඔලුව අවුල් අය ඇමෙරිකාවේ ඉන්නවනේ...