IMG-LOGO

කාසල්රි -මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

 

(රංජිත් රාජපක්ෂ)

මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රි පාද නල්ලතන්න, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට  ඊයේ (9) රාත්‍රී සිට වැස්ස පටන්ගෙන තිබේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පසුගිය දිනවල පැවති අධික වියළි කාලගුණයත් සමග පහල බැස තිබු අතර , මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 44 දක්වා පහල බැස ඇති බවත් කාසල් රී ජලාශ වේල්ලේ උස අඩි 155 සිට අඩි 39 ක් දක්වා පහල බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියහ.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට ද  ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.



අදහස් (2)

කාසල්රි -මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

රත්නපාල Monday, 11 April 2022 09:17 AM

මාවුස්සාකැලේ කිව්වාම මෝඩයින් රැලක් කරපු වැඩක් මතක්වුණා.. මොකක්ද දන්නවද ඇහැලියගොඩ ඉඩන්ගොඩ පාරේ නැදුන් විහාරය හන්දිය ආසන්නයේ තියෙනවා ඉස්සර මිනිස්සු මාවුස්සාකන්ද කියපු කන්දක්... එහෙම කියලා තිබුණේ එහි මාවුස්සාගස් තිබුණු නිසා කියලා අහලා තියෙනවා. මෙම කන්ද ආසන්නයේ ව්‍යාපෘතියක් කරපු ටිකක් එම කන්ද මහ උස කන්ද කියලා වෙනස්කර නාම පුවරුවක් සවිකර තියෙනවා. අතීතය වැනසෙන හැටි...

:       0       0

sharm warn Monday, 11 April 2022 09:48 AM

බලාගාර ආශ්‍රිත ජලාශවලට ලැබෙන වැසි ජලය හොරෙන් බස්සවන මාෆියාව වහාම නවත්වන්න. විදුලි බලය පවත්වාගෙන යන්න ඕනෑනම්... ඒක මුළු රටම දන්න රහසක්. හැබැයි විදුලි බල ඇමැතියයි, රටේ නායකයොයි, රහස් පොලිසියයි දන්නෙම නැහැ. කට්ටියම දන්නේ වතුර නෑ නෑ කිය කිය පුද්ගලික බලාගාරවලට බිස්නස් දෙන්න විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 922 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site