IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැස්බෑවේ අනතුරින් දෙකක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු යටකර යෑම නිසා එම පුද්ගලයන් දෙදෙනාම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවගේ අතකටද ආබාධයට ලක්වී රෝහල් ගත වූ බව බණ්ඩාරගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. ඒ. ශාන්ත රංජිත් (53) හා බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචිව සිටි එස් කේ සුමනසිරි (60) යන දෙදෙනායි.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා මියගිය පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු  පැමිණ ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ධාවනය වූ ලංගම බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වී එකවරම එම පුද්ගලයන් යට කරගෙන එම දිසාවේම තිබෙන කුකුල් මස් වෙළඳසැලක් වෙත කඩා වැදි කානුවට බර වී නතර වී තිබූ බව පොලිසිය කියයි.

--------------------------------------------------

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල් කඩේ හංදියේදී ලංගම බස් රථයක් මාර්ගයේ  රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු මතට කඩා වැදී එක් අයකු මිය ගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවගේ අතකටද ආබාධයට ලක්වී රෝහල් ගත වූ බව බණ්ඩාරගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45-55 අතර පුද්ගලයෙකි.

බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයක ඉදිකිරීම් කටයුත්තක් සඳහා  අනතුරට පත් පුද්ගලයන් දෙදෙනා සහ තවත් පුද්ගලයකු අද (12) පැමිණ  ආපනශාලාවකින් දහවල් ආහාර ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (0)

කැස්බෑවේ අනතුරින් දෙකක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site