(ආනන්ද ඉ ජයකොඩි)
පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ නේවාසිකාගාරයක් තුළ කසිප්පු ගෝඩා හා පෙරණ උපකරණ සමග අත් අඩංගුවට ගත් සේවකයට එරෙහිව වේයන්ගොඩ පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කළ අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඊළග දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට අද නියෝග කළේය.
සැකකාර ගුරුවිදුහල් සේවකයාට රුපියල් ලක්ෂ පහක කොන්දේසි සහිත ශරීර ඇප නියම කළේය.
වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යා පීඨයේ ජලනල කාර්මිකයකුට එසේ ඇප නියම කැරිණි.
රුපියල් ලක්ෂ පහේ ශරීර ඇපයට පුද්ගලයන් දෙදෙනෙකු අත්සන් කළ යුතු බවටද නියෝග කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කසිප්පු පෙරූ ගුරුවිද්‍යාල සේවකයාට එරෙහි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරයි