IMG-LOGO

කොස්තාපල්වරියකට අසැබි වචනයෙන් බැන්නැයි SI අත්අඩංගුවට

(පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය.

තංගල්ල මූලස්ථාන පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ලිංගික අඩන්තේට්ටම් සිදුකිරීම සම්බන්ධව එම නිළධාරිණිය විසින් ඉකුත් 12 දා ළමා හා කාන්තා කාර්යාංශයට කල පැමිණිල්ලක් අනුව උප පොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිළධාරියෙකු පැවසීය.

සිද්ධිය පිළිබඳව කාන්තා පොලිස් කොස්තාපල් වරිය තංගල්ල සහකාර පොලිස් අධිකාරි වරයා වෙතද පැමිණිලි කර තිබේ.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හෙට (15) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (1)

කොස්තාපල්වරියකට අසැබි වචනයෙන් බැන්නැයි SI අත්අඩංගුවට

chandima Monday, 14 July 2025 09:57 PM

එස් යි කිට් එක ගැහැව්වට යටින් තියෙන කෑලි ඒ විදියටම වැඩ කරනවානේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 334 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 506 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site