IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘෂි ව්‍යාපෘතියක ’’රොත්තම’’ ගෙදර යවයි

(අංජුල මහික වීරරත්න)

කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි  එම වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

මහ කන්නයේ බඩ ඉරිඟු වගාවට බීජ, පොහොර සහ බිම් සැකසීම සඳහා දිස්ත්‍රික්ක පහකට වෙන් කරන ලද මුදල් නිසි කලට ලබා නොදීම හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉහත පියවර ගෙන ඇත.

සමහර ප්‍රදේශවලට මේ වනතුරුත් බඩ ඉරිඟු බීජ සහ අදාල මුදල් ලබාදී නැතැයිද ඇතැම් ප්‍රදේශ වලට දුන් බඩ ඉරිඟු බීජ ප්‍රමිතියෙන් තොර බවද ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙලිතදරව් වී තිබේ.

හම්බන්තොට,අනුරාධපුර,මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වල ගොවීන්ට බඩ ඉරිඟු වගාව වෙනුවෙන් රජයේ රුපියල් බිලියන දහයක මුදලක් වෙන් කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.රජයෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ගොවීන්ට ලබාදීම ප්‍රමාද වීම නිසා  ඔවුන්ට රන් බඩු ආදිය උකස් කර වගා කටයුතු කරන්නට සිදුවී තිබූ බවට කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබිණි. 



අදහස් (1)

කෘෂි ව්‍යාපෘතියක ’’රොත්තම’’ ගෙදර යවයි

ravin Monday, 05 February 2024 03:15 PM

වැඩ බැරිනම් ගෙදර පලයන් තියරියද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site