(ඩබ්ලිව් ජේ මුණසිංහ)
පැල්මඩුල්ල මරක්කල ඇල්ල නැමැති ස්ථානයේ දිය නෑමට ගිය තරුණයෙකුගේ මළ සිරුර ඇල්ලේ පහල තිබී සොයාගත් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි.
පැල්මඩුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්තව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර වරයෙකු ලෙස රාජකාරි කල එච්.ඩබ්ලිව් .නන්ද ශ්‍රී පතිරන (32) යන අය මෙසේ මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
රාජකාරි කටයුක්තක් නිමවී තවත් පිරිසක් සමග ඊයේ (15 )දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අවිවාහක තරුණයා මෙම සිදුවීමට මුහුණ පා ඇත.
ඔහු ඕපනායක වල්ලකැටියේ පදිංචි කරුවෙකි. ඔහුගේ සිරුර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමුකොට තිබිණි.
පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෘෂි නිලධාරියාගේ සිරුර මරක්කල ඇල්ලෙන් හමුවෙයි