IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෘෂි නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට තිබූ බලයක් අත්හිටුවයි

(අංජුල මහික වීරරත්න)

කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය කුරුණෑගල දිස්ත්‍රිකය ඇතුලත  අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවිජන කොමසාරිස්වරයෙක් විසින් නීතිවිරෝධීව කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධ සිද්ධියක් නිසා  කෘෂිකර්ම අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්  කරන්නැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන කොමසාරිස් ජනරාල් එච්.එම්.ඒ.එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.

කුඹුරු නාම ලේඛනයේ ඇතුලත් නොවන ඉඩමක් ගොඩ කිරීමේදී  දිස්ත්‍රික්ක බාර නියෝජ්‍ය කොමසාරිස්වරුන් හට ඔවුන්ගේ අභිමතය හා නිරීක්ෂණ අනුව කටයුතු කිරීමේ බලය පවරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේ චක්‍රලේඛයක්  නිකුත් කර තිබිණි.

නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරයා එම චක්‍රලේඛය අත්තනෝමතිකව භාවිත කර ඇද්ද යන්න කඩිනමින් පරීක්ෂා කිරීමෙන් පසුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා තීරණය කළේය.

අනෙකුත් දිස්ත්‍රික්ක වලත් මෙම චක්‍රලේඛය අවභාවිත කර ඇති ද යන්න සොයා බැලීමටත් තීරණය කර තිබෙන අතර මෙවැනි සිදුවීම්  වලක්වාලීම සඳහා අදාල චක්‍රලේඛය වහාම සංශෝධනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.



අදහස් (1)

කෘෂි නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට තිබූ බලයක් අත්හිටුවයි

ගොවිරාළ Monday, 11 September 2023 01:35 PM

මොනවද අප්පා මේ කියන්නේ? කෘෂිකර්ම කොමසාරිස් කියලා තනතුරක් දන්න තරමින් ලංකාවේ නැහැ... කෘෂිකර්ම අධ්‍යක්ෂ කියලා ඉන්නවා. ගොවිජන සංවර්ධන කොමසාරිස් කෙනෙක් කළ වරදක් සඳහා කෘෂිකර්ම කොමසාරිස් සඳහා දඬුවමක් දෙන්නේ කොහොමද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 307 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site