IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවියෙන් 2022 වසරේ රුපියල් බිලියන 1.65ක ආදායමක් උපයා තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  නිපදවන ලද බීජ හා රෝපණ ද්‍රව්‍ය සඳහා  ගොවීන් අතර ඉහළ ඉල්ලුමක් පවතින බවද  MICH-1, MICH -2 මිරිස් වර්ග දෙක සඳහා ඒ අතුරින් ප්‍රමුඛ  බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට රජයේ බීජ නිෂ්පාදන ගොවිපල වල එළවළු කාණ්ඩ 19 ක බීජ නිෂ්පාදනය සිදුකරනු ලබන අතර පසුගිය දශකය පුරාම එළවළු බීජ වාර්ෂික නිෂ්පාදනය ඒකාකාරීව කිලෝ ග්‍රෑම් 8,000-8,500 මට්ටමක පවතින බවත්  2022-2024 තෙවසරේ එම ප්‍රමාණය තවදුරටත් ඉහල නැංවීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

2007-2009 වන විට රජයේ බීජ නිෂ්පාදන ගොවිපල වල නිපදවන අර්තාපල් මූලික බීජ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 330ක් වූ අතර 2022 වන විට මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 860 ඉක්මවා ගොස් ඇතැයි ද එය ආසන්න වශයෙන් අර්තාපල් බීජ නිෂ්පාදනය සියයට 2.5ක වැඩිවීමක් බව දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අර්තාපල් බීජ අවශ්‍යතාවය  මෙට්‍රික් ටොන් 12500 ක් වන අතර 2022-2024 වර්ෂය වන විට දෙපාර්තමේන්තුවේ ගොවිපල් මගින් ඍජුවම මෙට්‍රික් ටොන් 1000ක්  අපේක්ෂා කරන බවත් එය බීජ අවශ්‍යතාවයෙන් 8%ක ප්‍රමාණයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

2022 වසරේ   සාමාන්‍ය ගෙවතු සඳහා බීජ කට්ටල ලක්ෂ10 ක් සහ ආයතන සඳහා ලක්ෂ පහක ගෙවතු වගා කට්ටල ලබාදීමට පියවර ගෙන ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

නව ආරක්ෂිත ගෘහ ඉදිකිරීම මඟින් මෙරටට ආනයනය කරන එළවළු බීජ ප්‍රමාණය අඩු කිරීම  සඳහා දේශීය දෙමුහුම් එළවළු  බීජ නිෂ්පාදනය ඉහළ නැංවීමට දායක වීම මෙන්ම ගෙවතු බීජ ඇසුරුම් ලක්ෂ 25ක් සකස් කර කෘෂිකර්ම අමාත්‍යාංශය,සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය හා වෙනත් රජයේ ආයතන වෙත බෙදා දුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

ලංකාවට අවශ්‍ය වී, එළවලු, අල වර්ග හා පළතුරු බීජ නිපදවා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් අනුව මේ වැඩපිළිවෙල අරඹා තිබේ.



අදහස් (1)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිලියන 1.65ක ආදායමක් උපයයි

nalin Monday, 24 July 2023 11:43 AM

ලාභය කුමක්ද?....ආදායම කිසිවක් නොකියයි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site