IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාවින්දට අලුත් තනතුරක්

(නිමල කොඩිතුවක්කු)

දූෂණයට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංවිධානයේ "GOPAC 2023" ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පත්ව  තිබේ.

දෝහා කටාර් හී පැවැත්වෙන දූෂණයට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෝලීය සංවිධානයේ "GOPAC 2023" මහ සමුළුවේ දී මෙම පත්වීම සිදුව ඇත.

එම සමුළුව ඉකුත් 8 වනදා සිට 10 වන දා දක්වා රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

දූෂණය, මර්ධනයට අවශ්‍ය කරන නීති ජාත්‍යන්තර වශයෙනුත් අප රට තුලත් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන බව එහි නව ලේකම්වරයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දූෂණයට එරෙහි ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ධුරය ශ්‍රී ලංකාවට ලැබීම රටට ලැබුණු මහඟු අවස්ථාවක් බවත් ඔහු තවදුරටත් පැවසීය.



අදහස් (2)

කාවින්දට අලුත් තනතුරක්

sam Saturday, 11 March 2023 04:46 AM

ලංකාවේ තමයි ලෝකයේ වැඩියෙන්ම දූෂණයෙන් පිරිච්ච දේශපාලුවන් ඉන්නේ... ලොක්කන්ගේ පටන් පල්ලෙහාට ඔක්කොම වගේ බයිලා කිය කියා හොරා කනවා. පෙන්නන්නේ අපි ධනපතියෝ වගේ.. අනේ කොහොම හරි මේ අයව ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න සලස්වන්න...

:       0       1

Srimal Monday, 13 March 2023 07:56 PM

රෙදි ඇඳගෙනද මීටිමට ගියේ...? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site