IMG-LOGO

කොවිඩ් 19 සුබසාධන කටයුතු වෙනුවෙන් මිලියන 70,000 ක්

 

( බන්ධුල ඉලේපෙරුම )
 
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනාගැනීමට, නිරෝධායන කටයුතුවලට, අහඹු පීසීආර් පරීක්ෂණවලට සහ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70,000ක් පමණ රජය මගින් යොදවා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(12) පාර්ලිමේන්තුවේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

අනපේක්ෂිත කොවිඩ් දෙවැනි රැල්ල හමුවේ රටේ කොවිඩ් මරණ අනුපාතය 0.3%ක පමණ අගයක පවත්වාගැනීමටද හැකියාව ලැබුණු බව අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (13)

කොවිඩ් 19 සුබසාධන කටයුතු වෙනුවෙන් මිලියන 70,000 ක්

Samarapala Thursday, 12 November 2020 06:15 AM

බුදු අම්මෝ මෙයා කොහොම ගණන් හදලද මෙ ගාණ කිව්වෙ...? මිලියන 7000... දැන් දීපල්ලකෝ උත්තර හම්බ වෙච්ච කෙනාට මොකද වුණේ කියපු අයට...

:       4       25

Basil Thursday, 12 November 2020 07:30 AM

ඔන්න ලොක්කයියා අපිට නත්තල් ගෙනැල්ලා...

:       1       7

Rata Perata Thursday, 12 November 2020 07:35 AM

මෙය පවත්වාගෙන යන මරණ අනුපාතය .... නිකන් විහිළු කියවන්නේ නැතිව ඉන්න. අපේම කොරෝනා අරමුදලිනුත් වියදම් කරලා තියෙන්නේ මිලියන 250ක් වගේ... අයියා කියනවා මිලියන 7000ක් ලු. අයියලා, මල්ලිලා සෙල්ලමක් කරනවද කොහෙද? අපේ ජීවිතත් එක්ක.

:       2       11

Nuwan Thursday, 12 November 2020 08:11 AM

ඔය වෙන් කිරීමෙ හරිම විස්තරෙත් තියෙනවා.

:       0       9

banda Thursday, 12 November 2020 08:24 AM

ඔයාලගේ මිලියන ගණන් සුබසාධක කටයුතු ගැන කතා කරන කොට අපේ කකුල් දෙක වෙව්ලනවා.

:       2       11

Kamal Koyrala Thursday, 12 November 2020 08:51 AM

සුනාමි 2 ලොක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ලාංකික ව්‍යාපාරික සහ පරිත්‍යාග ශීලීන්ගෙන්, සංවිධානවලින් ලැබුණු මුදල් රජයේ වෙන්නේ කොහොමද? පසුවිපරමක්කළා නම් බලන්න තිබුණා. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා ජනතාව අසාවි..

:       2       12

mohomed Thursday, 12 November 2020 08:57 AM

ජනතාවට ලැබුණු කෙන්ගෙඩියක් නෑ. ජනතාවට ඉතුරුවුණේ කොරෝනා පමණයි.

:       2       12

siri Thursday, 12 November 2020 09:46 AM

ලංකාවේ කොරෝනා වසංගතය ආරම්භයත් සමග පිහිටුවාගත් " ඉටුකම කොරෝනා අරමුදලට" මහජනතාවගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, ආණ්ඩුවේ ආයතන වලින් මුදල් පරිත්‍යාග කරන අන්දම අපි දිනපතා රූපවාහිනීවල දැක්කා මතකයි. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් කෝටි 3000 කට අධික මුදලක් ලංකාවට දුන් බවත් විදෙස් රාජ්‍ය වලින් ආයතන වලින් කොරෝනා වෙනුවෙන් ඩොලර් කෝටි ගණන් සල්ලි ලැබුන බවත් වාර්තා වුණා නේද? දැන් මේ සල්ලිවලට මොකද වුණේ? අර සුනාමි අරමුදලට වෙච්චදේමද දන්නේ නෑ නේද?

:       3       10

nuwan Thursday, 12 November 2020 09:53 AM

ලැබුණු බිලියන ගණන් සල්ලි ගැන කතාකරනකොට සුනාමිය ආපු දවස්වල හම්බන්තොට ගැන මතක්වුණා ඉඛෙටම...

:       2       10

සුමනදාස Thursday, 12 November 2020 09:56 AM

ඔය ගාන නම් ගෑවෙන්නත් මදි නේද? ඔබතුමාලා අපිට සුබ සාධනය කරන්න මොනතරම් මහන්සි වෙනවද... වියදම් කරනවද? රට වහන්න කලින් ගෙදරටම ඇති වෙන්න බඩු මල්ලක් දුන්නා. රුපියල් පන්දාහකුත් දුන්නා. ණය වාරික පොළී කපල දැම්මා. විදේශවල උන්න අය නොමිලයේ ගෙන්වගෙන නොමිලයේ පී.සී.ආර් කරල දුන්නා. තව කොච්චර දේවල් කලාද....මම හිතන්නෙ ගෙවල් ඉඩම් වතුපිටි එහෙමත් විකුණල සල්ලි හොයා ගන්න මහන්සි වෙන්න ඇති අපිට සුබසාධනය කරන්න. අනේ බොහොම පිං..ආයෙමත් රජ වෙලා අපිව රකින්න ආවට.

:       2       8

K Perera Thursday, 12 November 2020 03:18 PM

මෙ වගේ කපටින් ජීවිත කාලයටම දැකලා නැහැ.

:       2       11

Hafeel Thursday, 12 November 2020 03:58 PM

අර ගසාකාපු සුනාමි අරමුදලින් භාගයක්වත් මෙ වෙලාවෙ දුන්නා නම් ....

:       2       12

අතුල Friday, 13 November 2020 12:47 PM

ඔබතුමා සුනාමි ආධාර බෙදුවා වගේ, බැසිල් මල්ලිත් හරිම දක්ෂයා ඔය වගේ වැඩවලට...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 25 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site