IMG-LOGO

කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම 31 කැඳවයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා ලබන 31 වැනිදා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.

මෙම පෙත්සම්, ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, සහ කුමුදිණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

රවීන්ද්‍ර ලාල් ගුණරත්න, වෛද්‍ය රංජීව ගුණසිංහ ඇතු`ථ පිරිසක් මෙම පෙත්සම ගොනුකර ඇති අතර මෙහි වගඋත්තරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතු`ථ පිරිසක් නම් කරනු ලැබ තිබේ.

කොවිඩ් මර්දනය සදහා වන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයවලුන්ට අප්‍රේල් මස 30 වැනිදායින් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුලුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් ඉකුත් ජනවාරි මස 25 වැනිදා නිකුත් කරනු ලැබූ අංක 2264/22 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සමෙන් දක්වා ඇත.

මෙමගින් ජනතාව බිය ගැන්වීමක් සිදුවන බවත් එන්නත් ලබා ගැනීම හෝ නොගැනීම එම පුද්ගලයාගේ පෞද්ගලික අභිමතය වන බවත් සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්කරු, එන්නත් විදිම සම්බන්ධයෙන් කිසිවකුට හෝ බල කළ නොහැකි බවද සදහන් කර තිබේ.

මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීම අවසර ලබාදෙන ලෙසත්, මෙමගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එසේම, මෙම ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම 31 කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site