IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


කාල සීමාවකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා

බිඟුන් මේනක ගමගේ
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තියට අනුව ජනාධිපතිවරයාට කාල සීමාවකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇතැයි ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා කීය.
 
19 වැනි සංශෝධනය අනුව වසර හතරකුත් මාස හයක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්නට බලයක් නැතැයි 70 (1) වගන්තියෙන් ව්‍යවස්ථා සීමාවක් පනවා ඇතත් ව්‍යවස්ථාවේ 33 (2) (ඇ) වගන්තිය මගින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්නට යළි බලය ලබා දී ඇත යන්න තමාගේ මතය යැයි ජයතිස්ස ද කොස්තා මහතා අවධාරණය කර කීය.
 
19 වැනි සංශෝධනය කඩිමුඩියේ සම්පාදනය කිරීමෙන් ව්‍යවස්ථාමය නිරවුල් බවට හානි පැමිණ ඇතැයි කී ජනාධිපති නීතිඥ ජයතිස්ස ද කොස්තා මහතා මෙම කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විවරණයට ලක්කර ගත යුතුව ඇතැයි ද පැවසීය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි භාෂා පිටපත්වල අර්ථ දෙකක් අදහස් වන පරිදි සම්පාදනය කර තිබීම ගැන මේ වනවිට විවාදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි ද 19 වැනි සංශෝධනය සකස් කළ පිරිස් තමාටම දොස් පවරා ගත යුතුව ඇතැයි ද ජනාධිපති නීතිඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (0)

කාල සීමාවකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලය තිබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site