(යොහාන් භාසුර)
වීසා නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැකියාවේ නිරත වූ විදෙශිකයෙක් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් කළ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
කොල්ලුප්ටිය සමුද්‍රාසන්න මාර්ගයේ සංචාරක හෝලයක සේවය කළ චෝදනා එල්ල වූ විදේශිකයා මේ වන විට රටින් පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් කළ ලිඛිත පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු කළ බව ඔවුන්ගේ චෝදනාවල අදාල කරුණු හෙළි නොවූ බව ද උසස් පොලිස් නිළධාරයෙක් පැවැසීය. කෙසේ වුවද චෝදනාවට ලක් වූ විදේශිකයාට රටින් පිටවීමේ අවස්ථාව හිමිවූ බව ද සඳහන් කළේය.
විදේශිකයා සමඟ පිරිසක් ඇතිකරගත් විරසකයක් හේතුවෙන් අදාල පැමිණිල්ල යොමු කළේ දැයි සැක කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොල්ලුපිටිය හෝටලයක වැඩ කළ විදේශිකයකුට චෝදනාවක්