IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කුලියට මිනී මරණ හතරක් මාට්ටු

(සුමිත් පොතුපිටිය)

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, පානදුර , පයාගල, බණ්ඩාරගම සහ ඌරගහ ප්‍රදේශයේ පදිංචි 30,32, 36 සහ 51 වියැති පුද්ගලයින් බව පොලිසිය කීය.

පසුගිය අප්‍රේල් මස 17 දින රාත්‍රී බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපරිකයකුට මන්නා වලින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්දයෙන් කළ විමර්ශණ වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩුවක් මන්නා දෙකක්, අපරාධ සදහා යොදාගත් බව කියන ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර පසුගිය වසරේ පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලාවක් තුලදී එලව එලවා මන්නා පහර එල්ලකර පුද්ගලයකු කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන්ද සිටින බව පොලිසිය කීය.

සැකකරුවන් ප්‍රදේශයේ කප්පම් ගැනීම් සහ බියවැද්දීම් සිදුකිරීම සම්බන්දයෙන් ජනතාව භීතියට පත්ව සිටින බවටද හෙලිව ඇති බව වැටලීමට සිදුකල උසස් නිළධාරියෙක් කීය.

 



අදහස් (4)

කුලියට මිනී මරණ හතරක් මාට්ටු

Perera Tuesday, 29 April 2025 07:39 AM

මීගමුව පැත්තේ එහෙම කෙනෙකුගේ පුතාත් පාර්ලිමේන්තුවේ හිටියා.

:       0       8

හසක Tuesday, 29 April 2025 09:06 AM

මම පුද්ගලිකව දන්නවා මේ අයව පුනුරුත්ථාපනය කරන්න ඉතාම අමාරුයි කියල. ඉතා දීර්ඝ කාලයක් සමාජයෙන් වෙන්කරල තියල තමයි එහෙම කරනවනම් කරන්න පුළුවන් වෙන්නේ. හදිසි කෝපයෙන් මිනීමැරීමට වඩා ඉතාම වෙනස් මේ අයගේ ඝාතන.

:       0       3

රම්බොඩ Tuesday, 29 April 2025 09:32 AM

කොච්චර අත්අඩංගුවට ගත්තත් වැඩක් නෑ. හෝදා හෝදා මඩේ දානව වගේ. මේ පව්කාරයින් හැදෙන්නෙත් නෑ. ඔවුන් හදන්න නිසි දඬවමකුත් නැ. කාලයක් නිකම්මු වගේ රටේ සල්ලි වලින් හිරබත් කාලා ආයෙමත් ඇවිත් ඔය පාපකර්මම තමයි කරන්නෙ.

:       0       16

KAHAWITA Tuesday, 29 April 2025 09:50 AM

මෙන්න මුන් තමා මරලා දාන්න ඕන

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 711 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2379 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1744 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site