
(කේ බුද්ධික කුමාරසිරි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරුට නවාතැන් දුන් බව කියන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අද (29) දින අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු එම වෙඩික්කරුට සංවිධානාත්මක අපරාධකරු කන්ජිපාණී ඉම්රාන්ගේ ඉල්ලීම මත දින 25ක කාලයක් සිය නිවසේ නවාතැන් ලබා දී ඇති බවට අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 55 හැවිරිදි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකි
පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත අතුරුගිරිය ගල්පොත්තාව පාර ප්‍රදේශයේ කුලී නිවසක තිබී පිස්තෝලයක් සහ උණ්ඩ 15 ක් ද සොයා ගත් බව ද එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට හිටපු පළාත් මන්ත්‍රීවරයෙක් අල්ලයි
රංබොඩ Thursday, 29 August 2024 10:33 AM
පාතාලය යනු දේශපාලකයින් ගේ හිතවතුන් වගට තවත් එක නිමිත්තක් පමණි.
Chamila Fernando Thursday, 29 August 2024 12:55 PM
සැකකරුගේ නම සඳහන් කරනවා නම් හොඳයි (නීත්‍යානුකුලව එහෙම බැරිද )