IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි සහ ගයාන් සූරියආරච්චි)

අතුරුගිරිය ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස්  සිටි ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු සහ එම ඝාතනයට අනුබල දුන් තවත් අයෙකු දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අද (23) දින අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇති වෙඩික්කරු බව කියන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ සහ අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන්  බස්‍ රථයෙන්  කතරගම දක්වා රැගෙන ගිය සැකකරු වන වයස අවුරුදු 29 ක් නැමැත්තෙකු ද අත්අඩංගුවට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරුවන් සමඟ ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. 



අදහස් (0)

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site