
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේ දී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ නිර්මාණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී සිටියදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් ඊයේ(08) දා මියගිය අයගේ දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කෙරිණ.
මෙලෙස මියගිය කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්තගේ ) හා අතුරුගිරිය රතුවිලවත්ත අංක 709 / A / 197 හි පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනාගේ දේහයන් ඥාතීන්ට භාර දුන් බව රෝහල පවසයි.
ඒ අනුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගිය අතර නයන වාසුල විජේසූරිය නැමැත්තාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගියේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ සුජීවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රණීත් සෙනෙවිරත්න මහතා විසින් දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(09) දා හෝමාගම මූලික රෝහලේ දී සිදු කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්ලබ් වසන්තගේ දේහය ඥාතීන්ට
පුරවැසියා Wednesday, 10 July 2024 04:38 AM
මේකා විසාල කරදරයක් වුනානෙ. මැර පාතාලයො මැරිච්චාවෙ. මේ රටේ වෙන ප්‍රශ්න නැද්ද නිව්ස්වලට ගැලපෙන? බලන බලන හැම තැනම මේකා ගැන වර්ණනාව.
Kamal Koyrala Wednesday, 10 July 2024 11:43 AM
සුද්දා / ලාල් ඇතුළු යූ ටියුබ් වල අයට සුභ ආරංචියක්. ගානක් හොයාගන්න
විපරමා Wednesday, 10 July 2024 02:57 PM
මේ දවස්වල යූටියුබ් කාරයෝ වැහි වැහැලා. මරණෙත් විකුණාගෙන කනවා...