
(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද්‍රා තබා තිබේ.
ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ වයඹ පළාත් කාර්‍යාලය විසින් මෙසේ මුද්‍රා තබා ඇත. ඉන්ධන සාම්පලයක් ද වැඩි දුර පරීක්ෂණ කරා රැගෙන ගොස් තිබේ.
පෙට්‍රල් සමඟ භූම්තෙල් මිශ්‍රවී ඇතැයි දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම පියවර ගැනීමට සිදු වු බව මේ පිළිබදව විමසීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් වැඩ බලන කළමණාකරු එස්.බී.රත්නායක මහතාගෙන් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටියේ ඉන්ධන හලක පෙට්‍රල් ටැංකියට සීල්
ජයනාත් Sunday, 01 September 2024 02:39 PM
සෑම පිරවුම් හලකම මේ පරීක්ෂණ දිගටම කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම මීටර් නියම විදියටම ක්‍රියාත්මක වෙනවාද බලන්න ඕනෑ. හොරට තෙල් ගහනවා කියලත් චෝදනා තියෙනවා.
Lalla Sunday, 01 September 2024 08:23 PM
දෙසතියකට පෙර කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිරවුම් හලකින් ඔක්ටේන් 95 ඉන්ධන ලබාගත් පසුව එන්ජිමේ අනතුරු ඇඟවීම සිදුවුනා. කඩවත ප්‍රසිද්ධ ආයතනයකින් පරීක්ෂා කලා. උත්තරය ඉන්ධනවල ගැටලුවක් කියලා. පැමිණිලි කරල පලක් නෑ කියල තේරෙනවා...රට පුරාම බාල ඉන්ධන ඇති බව හිතෙනවා.
ජයනාත්Monday, 02 September 2024 02:38 PM
ඔක්ටේන් 95 තෙල් ගහන්න එපා. මේවා ෂෙඩ්වල මාස ගණන් පරණ වෙලා. ඉන්ධන වල ස්වභාවය වෙනස් වෙලා...!
sam Monday, 02 September 2024 10:28 AM
ඔය හුඟක් සමූපකාර පිරවුම්හල්වල මැනේජර් වුණු දැනුම ඇතිව ඕක කලක පටන් කරගෙන යන දෙයක්... පාලකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ දේශපාලකයින්ගේ ගෝලබාලයින් වැඩේ කරගෙන යන හින්දලු...